සාකච්ඡාවට සූදානම් – වාසුදේව

167

ලබන සිකුරාදා (05 දා) ජනාධිපතිවරයා විසින් කැඳවා තිබෙන සාකච්ඡාවට පක්‍ෂ 10 වශයෙන් යන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඊයේ (03 දා) පැවැසීය.

කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතාකළ හෙතෙම මෙසේ ද කීය.

ලබන සිකුරාදා ජනාධිපතිතුමා විසින් කැඳවා තිබෙන සාකච්ඡාවට යන්න පක්‍ෂ 10 වශයෙන් තීරණය කළා. පක්‍ෂ 10 සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් කැඳවා තිබෙන සාකච්ඡාවට යනවා.

එකක් මේ රටේ ජාතික ස්වෛරීභාවය. අනිත් එක මේ රටේ ජාතික සම්පත්, ජනතාවගේ ජන ජීවිතයට රිදීමක් නොවන පරිදි වෙන්න ඕනෑ. අපේ ප්‍රධාන කොන්දේසි ජනාධිපතිවරයා පිළිගත යුතුයි. මේ කොන්දේසි පිළිගෙන තමයි ජනාධිපතිතුමා වැඩපිළිවෙළක් ගැන කතාකරන්න ඕනෙ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment