සාකච්ඡා අසාර්ථකයි දුම්රිය ස්ථානාධිපති සටන දිගටම

165

ප‍්‍රවාහන බලධාරීන් සමඟ ඊයේ (24 දා) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡුා විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් ප‍්‍රවේශපත‍්‍ර නිකුත් නොකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් ක‍්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ‘දිවයින’ ට කීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 22 දා මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්සල් ප‍්‍රවාහනය කිරීමේ කටයුතුවලින් ප‍්‍රථමයෙන් ඉවත් වූ අතර පෙරේදා (23 දා* මධ්‍යම රාත‍්‍රියේ සිට ඔවුහු දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවූහ.

ඒ අනුව ඊයේ (24 දා* දිවයිනේ සියලූම දුම්රිය ස්ථානවල ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබූ අතර එහෙත් දුම්රිය ධාවනය කාලසටහනට අනුව සිදු කෙරිණි.

ඊයේ දින මගීන්ට කාලයකට පසුව දුම්රියේ නොමිලේ ගමන් කිරීමට හැකි විය. එහෙත් ඊයේ දින දුම්රිය ප‍්‍රමාදයක් දක්නට ලැබිණි.

උසස්වීම්, බඳවාගැනීම්, දුම්රිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු නොකිරීම, සංඥා පද්ධතියේ දෝෂ, ප‍්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනය නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කළහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment