සාකච්ඡා අසාර්ථකයි රෝහල් සේවකයෝ අද – හෙට වර්ජනයේ

440


සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අද (03 වැනිදා) සහ හෙට (04 වැනිදා) රජයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ  ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ  ‘දිවයින’ ට ඊයේ (02 වැනිදා) පැවසූහ.

සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලූ‍ 12 ක් සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරිය හෝ සෞඛ්‍ය ලේකම්වරයා හමුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියද ඔවුන් නොසිටි බැවින් ආපසු පැමිණීමට සිදුවූ බවත් උන්වහන්සේ කීහ. සාකච්ඡුා සියල්ල අසාර්ථක වීම හේතුවෙන් අද සහ හෙට සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයේ නිරත වන බවද උන්වහන්සේ සඳහන් කරති.

දින 180 සම්පූර්ණ කළ සියලූ‍ සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් වහා ස්ථිර කිරීම, සතියේ වැඩකරන අමතර පැය 8ට වැටුපෙන් 01/30ක් ලබාගැනීම, අතිකාල රේට් ක‍්‍රමයකට ලබාගැනීම, ආණ්ඩුවේ මිලිටරීකරණ වුවමනාවට සිදුකරන අවිධිමත් බඳවා ගැනීම් වහා නැවැත්වීම,ප‍්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම,නිල ඇඳුම් දීමනාව රුපියල් 1500 ක් කරගැනීම, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය පියවා ගැනීම, ස්ථානමාරු විධිමත් ක‍්‍රමවේදයකට ලබාගැනීම, රුපියල් 1000 මාසික විශේෂ දීමනාව රුපියල් 7000 දක්වා වැඩිකර ගැනීම ඇතුළු ගැටලූ‍ 12 කට විසඳුම් ඉල්ලා මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක බවද උන්වහන්සේ කීහ.

මෙම ගැටලූ‍වලට වහා විසඳුම් ලබාදෙන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කිහිප අවස්ථාවකදී ඉල්ලා සිටියත් ඔවුන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර ප‍්‍රශ්නයෙන් මඟහැර ගිය බවද උන් වහන්සේ සඳහන් කළහ.

මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක දින දෙක තුළ මෙම  ගැටලූ‍වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment