සාකච්ඡා අසාර්ථකයි-රෝහල් පොඩ්ඩෝ වර්ජනයට සූදානම්

302

සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් හෙට සහ අනිද්දා (03,04) රජයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසූහ.

ැඅද දිනයේ සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු‍ 12 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය හෝ සෞඛ්‍ය ලේකම්වරයා හමුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියද ඔවුන් නොසිටි බැවින් ආපසු පැමිණීමට සිදුවූ බවත් උන් වහන්සේ කීහ.

සාකච්ඡා සියල්ල අසාර්ථක වීම හේතුවෙන් අද සහ හෙට සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයේ නිරතවන බව ද උන් වහන්සේ සඳහන් කර සිටියහ.

දින 180 සම්පූර්ණ කළ සියලු‍ සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් වහා ස්ථිර කිරීම, සතියේ වැඩකරන අමතර පැය 8 ට වැටුපෙන් 01/30ක් ලබාගැනීම, අතිකාල රේට් ක්‍රමයකට ලබාගැනීම, ආණ්ඩුවේ මිලිටරීකරණ උවමනාවට සිදුකරන අවිධිමත් බඳවා ගැනීමි වහා නැවැත්වීම, ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම,නිල ඇඳුම් දීමනාව රුපියල් 1500 ක් කරගැනීම, රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය පියවා ගැනීම, ස්ථාන මාරු විධිමත් ක්‍රමවේදයකට ලබාගැනීම, රුපියල් 1000 සේ මාසික විශේෂ දීමනාව රුපියල් 7000 දක්වා වැඩිකර ගැනීම ඇතුළු ගැටලු‍ 12 කට විසඳුම් ඉල්ලා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ද උන් වහන්සේ කීහ.

මෙම ගැටලු‍ වලට වහා විසඳුම් ලබාදෙන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කිහිප අවස්ථාවකදී ඉල්ලා සිටියත් ඔවුන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර ප්‍රශ්ණයෙන් මඟහැර ගිය බවද උන් වහන්සේ සඳහන් කළහ.

මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක දින දෙක තුළ මෙම ගැටලු‍ වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment