සාගතයෙන් මුදා ගන්න ඩොලර් මිලියන 900ක් ඉල්ලයි

343


ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 900ක් අවශ්‍ය බව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.
මේ වනවිට දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1කින් හා බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින් ද පහළට ගොස් තිබේ. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමක් පවතී. විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු‍ හා වෙනත් නිෂ්පාදන මෙන්ම රසායනික පොහොර හිඟය හා ඉන්ධන හිඟය නිසා පශු සම්පත් කර්මාන්තය බිඳ වැටිය හැකි බව ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment