රෝහල් රිය සාගරිකා ගැටේ

297


ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ අද පෙරවරුවේ බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරට ලක්වූ මෝටර් රථයේ ගමන් කර ඇත්තේ කරාපිටිය රෝහලේ හෙද නිලධාරිනියක් සහ තවත් කාන්තාවකි.මෙම අනතුරින් ඔවුනට තුවාල සිදුවී නැති අතර මෝටර් රථයට හානි සිදුව ඇත.මෙම දුම්රිය හරස් මාර්ගයේ සීනුව සහ වර්ණ ආලෝක සංඥා මාස ගණනක සිට ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment