සාජන් දිනේෂ් පි‍්‍රයන්තට පැල්පොල විපස්සි හිමිගේ සුබපැතුම්

243

ටෝකියෝ නුවර පැවැති 2020 පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත් යුද හමුදාවේ සාජන් දිනේෂ් පි‍්‍රයන්ත හේරත්ට සුබපතන බව අග්නිදිග ආසියානු කලාපයේ සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පවසති.

සාජන් දිනේෂ් පි‍්‍රයන්තට  පැල්පොල විපස්සි හිමිගේ සුබපැතුම්

1989 වසරේදී කෝබේ නුවර පැවැති පැරාලිම්පික් තරගයකට ශ‍්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කරන ලෙස කෝබේ නගරාධිපති සහ එවක පැරාලිම්පික් සංවිධානයේ සභාපති ටටු ඕ මියාසකි මහතා තමන් වහන්සේගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමට අනුව මෙරටින් පළමු වරට ආබාධිත ක‍්‍රීඩකයන් 30 දෙනකු සහභාග කරවීමට තමා එවක වැඩබලන ක‍්‍රීඩා ඇමැතිව සිටි එස්. ජී. පේ‍්‍රමරත්න මහතාට දැනුම් දුන් බව පවසන උන්වහන්සේ ඒ සඳහා මූල්‍ය පහසුකම් ලබාදුන්නේ තමා සතුව තිබූ මෝටර් රථය විකුණා බවද සඳහන් කළහ.

 එලෙස ආරම්භ වූ පැරාලිම්පික් තරගයට ශ‍්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී කරවීම ආරම්භ වී වසර 22 කට පසු මෙරට ක‍්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගැනීම පිළිබඳව සිය ප‍්‍රශංසාව පුදකරන බවද විපස්සි හිමියෝ සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment