සාතන්ගේ බලපෑම කොවිඩ් 19 වසංගතයටත් වඩා බලගතුයි

272

කොළඹ සහායක අතිඋතුම් දේවධර්මාචාර්ය ඇන්තනි ජයකොඩි රදගුරුතුමෝ දළුගමදී සඳහන් කරති

අභිවෘද්ධියාලේපය නම් සක‍්‍රමේන්තුව තුළින් අද සිට පූජ්‍ය වැඩිහිටි කිතුණු ජීවිතයක් ආරම්භ වන අතර, සාතන් නොහොත් යක්ෂයාගේ විවිධ පරීක්ෂාවන්ට ඔබව ලක්විය හැකි බවත්, කොවිඩ් – 19 වෛරසයෙන් බේරීමට එන්නත් ලබා ගනිමින්, දෑත පිරිසිදු කරමින්, මුඛ ආවරණ පළඳවමින්, පුද්ගල දුරස්ථභාවය රකිනවාටත් වඩා සාතන්ගේ පරීක්ෂාවෙන් අප ආරක්ෂා විය යුතු යැයි ද, කොවිඩ් – 19 වෛරසයට වඩා සාතන් බලගතු යැයි කොළඹ පදවි සහායක රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය ජේ. ඞී. ඇන්තනී ජයකොඩි හිමිපාණෝ දළුගම මීසමේදී පසුගිය ඉරු දින (16 දා) සඳහන් කළහ.

සාතන් විසින් කි‍්‍රස්තුන් වහන්සේව ද, පරීක්ෂාවට ලක්කිරීමට අසාර්ථක උත්සාහයක යෙදුනු බවත්, උන්වහන්සේගේ ප‍්‍රධාන
ගෝලයා වූ ශුද්ධ වූ පේදුරු තුමන් හා සෙසු ශ‍්‍රාවකයන් පවා පරීක්ෂාවට ලක් කළ බැව් ද සහායක රදගුරුතුමෝ සඳහන් කළහ.

සාතන්ගේ බලපෑම කොවිඩ් 19 වසංගතයටත් වඩා බලගතුයි

දළුගම මීසමේ දරු දැරියන් 190 ක පිරිසකට අභිවෘද්ධියාලේපය සක‍්‍රමේන්තුව ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති විශේෂ දිව්‍ය පූජාවේදී උන්වහන්සේ එසේ සඳහන් කළහ.

පාසල් දරුවන්ට සිය පාසල් ජීවිතයේ විවිධ තනතුරු, වගකිම් ලැබෙනවා. ඒවා සියල්ල ලැබෙන්නේ සුවිශේෂි පදක්කමක්, නිල ඇඳුමක් හෝ කිසියම් සංකේතයක් ප‍්‍රදානය කිරීම තුළිනි. එතැන් සිට එවැනි පාසල් දරුවන්ට වගකීම් පැවරෙනවා. ඔවුන්ගේ ජීවිතයේ වෙනසක් දකින්න ලැබෙනවා. එලෙසම අභිවෘද්ධියාලේප සක‍්‍රමේන්තුව තුළ කි‍්‍රස්තු දරුවන් ලෙස සිටි ඔබට මහා වගකීමක් සහිත පූර්ණ වැඩිහිටි කිතුනු දිවියක් සඳහා ඇරයුම් ලැබෙන බැව් ද රදගුරුතුමෝ සඳහන් කළහ.

ජොර්දාන් නදියේදී ස්නාවක ජුවාම් තුමන් අතින් ජේසුස් වහන්සේ ස්නානය කිරීම තුළින් ශ‍්‍රද්ධාත්මයාණන්ගෙන් පූර්ණත්වයට පත්වූ අතර, දිවයිනේ කතෝලික පූජකවරුන් නොසිටි සමයක ජුසේ වාස් පියතම ධර්ම ප‍්‍රචාරය සඳහා ඉන්දියාවේ සිට දිවයිනට පැමිණියේ ද එවැනිම ශ‍්‍රද්ධාත්ම කැඳවීමකට අනුව බව ද සඳහන් කළහ.

ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වූ අයට බාධා කරන්න සතාන් සැමවිටම කි‍්‍රයාකරන අතර, ශ‍්‍රද්ධාත්මයාණන්ගෙන් වෙන්කරන්න සාතන් විවිධ උප්පරවැට්ටි යොදන බවත්, දරුවන්ගේ ආත්මයට ඇතුළු වී ඔවුන් පරීක්ෂා කිරීමට අපොහොසත් වුවොත්, දරුවන්ගේ මිතුරන්, ආශි‍්‍රතයන් හරහා ජංගම දුරකථනයෙන්, විවිධ වීඩියෝ, පොත් පත් සඟරා ඇසුරින් ශුද්ධාත්මයාණන්ගෙන් ඉවත් කර ගැනීමට උත්සාහ දරන බවත්, ශුද්ධ වූ පේදුරු තුමන් ඇතුළු උන්වහන්සේගේ ගෝලයන්ට, එලෙසම ශුද්ධ වූ ජුසේවාස් පියනමට පැවරුණු වගකීම් අද ඔබට පැවරෙන බැව් ද රදගුරුතුමෝ තවදුරටත් සඳහන් කළහ.

දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියනමගේ අනුශාසනා මැද සංවිධානය කළ මෙම අභිවෘද්ධියාලේප ප‍්‍රදානය කිරීමේ උළෙල සෞඛ්‍ය

මාර්ගෝපදේශයන්ට අනුව සිදු වූ අතර, දළුගම මීසම සහායක නොඑල් ශානක මෙන්ඩිස් සහ මීගමුව ලොයලා විදුහලේ ආචාර්ය මණ්ඩලයේ නුවන් රුදිගු යන පියවරුන් ද, දළුගම ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ප‍්‍රධානී මැඩෝනා ෆොන්සේකා හා ලිලියන් ප‍්‍රනාන්දු යන කන්‍යා සොයුරියෝ ද එක්වූහ.

සටහන හා ඡායාරූප
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment