සාතන් වසර 34 කට පසු සල්මාන් සොයා එයි

381

සල්මාන් රුෂ්ඩි පසුගිය 12 වැනිදා නිව්යෝර්ක් නුවරදී ෂියා මුස්ලිම් අන්තවාදී තරුණයකුගේ මාරාන්තික පිහි ප්‍රහාරයක ලක්වූයේ “සාතනික කවි” නවකතාව ලියා පළ කර වසර 34කට පසුවය. මේ මරණීය ප්‍රහාරය ගැන සටහනක් තබන ආන්දෝලනාත්මක ප්‍රංශ චාලි හෙබ්දූ (Charlie Hebdo) සඟරාව කියා සිටින්නේ ‘ආගම කිසිදා තමන්ට වරදක් කළ කෙනෙක් අමතක නොකරන බවත් එවැන්නෙකුට කිසිදා ආගම සමාව නොදෙන බවත් ය. ඇත්තෙන්ම ප්‍රංශයේ චාලි හෙබ්දූ සඟරා කාර්යාලය 2015 අල්ඛයිඩා ප්‍රහාරයකට ලක්වූ අතර එහි සේවය කළ මාධ්‍යවේදීන් ඇතුළු 12 දෙනෙක් ඝාතනය විය. මෙම සඟරාව නබි නායකතුමාව කාටුනයකට ඇන්දේ 2012 දීය.

රුෂ්ඩි ඔහුගේ සියලුම කෘති ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇත. රුෂ්ඩි අනුදත් ලේඛන ශෛලිය වන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයයි. ඔහුගේ ජීවිතය අනතුරට ලක්කළ කෘතිය වූ The Satanic Verses 1988 සැප්තැම්බරයේ දී ප්‍රකාශයට පත්විණි‘ මෙම අධියථාර්ථවාදී, පශ්චාත් – නූතන නවකතාව, එහි අන්තර්ගතය ඔවුන්ගේ දෙවියන්ට අපහාසාත්මකයැ යි සැලකූ ඇතැම් මුස්ලිම්වරුන් අතර මහත් කෝපයක් ඇතිකළේ ය. කෘතියේ නමට පාදක වී ඇත්තේ නබිවරයා විසින් කුරානයෙන් ඉවත්කළ වාක්‍ය ද්විත්වයකි. මෙම වාක්‍යයන් ලියැවුණේ යක්ෂයාගේ ආනුභාවයෙන්යැ යි ඔහු විශ්වාස කිරීම ඊට හේතුවිය ඇත්ත වශයෙන්ම, කතුවරයා හුනාන් ඉබ්න් ඉසාක් (809 – 873) විසින් විස්තාරණය කරන ලද මුහම්මද් නබිතුමාගේ චරිතාපදානයේ අර්ථ නිරූපණයක් කිරීමට උත්සාහ කළේය. එහෙත් මෙයට මුස්ලිම් ලෝකය කොහෙත්ම කැමති නොවීය. රුෂ්ඩිට බි්‍රතාන්‍යයේ පුරවැසිකම හා ආරක්ෂාව හිමිවීම නිසා ඉරානය හා බි්‍රතාන්‍යය අතර තානාපති සබඳතාද, 1989 දී බිඳ වැටුණි‘ 1989 අගෝස්තු 03 වැනිදා මධ්‍යම ලන්ඩනයේ පැසින්ටන්හි හෝටලයක බෝම්බයක් පිපිරීමෙන් එහි තට්ටු දෙකක් විනාශ විය. මේ බෝම්බය රැගෙනවිත් තිබුණේ රුෂ්ඩි ඝාතනය කිරීම සඳහාය. පොතක සවිකර තිබූ එම බෝම්බය කලින් පුපුරා ගියේය. මේ බෝම්බය රැගෙන පැමිණි මුස්ඩාට් මහමුඩ් මසේ නම් තරුණයා මරණයට පත්වූ අතර ඔහු වෙනුවෙන් ටෙහෙරාන් නගරයේ විශේෂ සමරු ස්මාරකයක්ද ඉදිකර ඇත.

The Satanic Verses ජපන් බසට පරිවර්තනය කළ පරිවර්තකයා 1991 වසරේ ජුලි මාසයේ තෝකියෝවට ඊසාන දෙසින් පිහිටි විශ්වවිද්‍යාලයකදී ඝාතනයට ලක්ව සිටිද්දී සොයා ගැනිණි‘ සංස්කෘතිය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ පරිවර්තක හිතොෂි ඉගරාෂිට කීප වතාවක් පිහි පහර එල්ලකර, ඔහු ත්සුකුබා විශ්වවිද්‍යාලයේ ඔහුගේ කාර්යාලයෙන් පිටත ශාලාවේ දමාගොස් තිබූ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි‘ සාතනික කවි නවකතාවේ ඉතාලි පරිවර්තකයා වන එත්තොරෙ කප්‍රියෝලෝ ද මිලාන්හි ඔහුගේ මහල් නිවාසයේ දී පිහි ඇනුමකට ලක්වූ නමුත් ඔහු දිවි ගලවා ගැනීමට සමත්විය. නවකතාවේ නෝර්වීජියානු ප්‍රකාශකයා 1993 දී ඔස්ලෝ හි ඔහුගේ නිවසින් පිටතදී තුන් වතාවක් වෙඩි වැදී බරපතළ තුවාල ලැබීය. ඇත්තෙන්ම ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති සාහිත්‍ය උත්සවයකදී මේ ලේඛකයා පිහිඇනුම් කෑම අභාවාචක සිදුවීමකි. ඔහුට පිහියෙන් ඇන්න පුද්ගලයා ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානයේ ආධාරකරුවෙකි. ෂියා ආගමික අන්තවාදී අදහස් දරන්නෙකි. 24 හැවිරිදි හදී මාටර් නිව්යෝර්ක් උසාවියට ඉදිරිපත්කර පසුව ප්‍රකාශ කළේ තමා නිවැරදිකරුවා බවයි. “සාතනික කවි” නිකුත්කරන විට හදී මාතර් උපත ලබා හෝ නැත. මොහු මේ පොත කියවා තිබේද නැද්ද යන්න අපි නොදනිමු. හදී දස වතාවක් මේ ලේඛකයාට පිහියෙන් ඇන තිබේ. නිව්යෝර්ක් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර තිබෙන්නේ මේ ප්‍රහාරකයා කතුවරයාට පහර දීම සැලසුම් කර තිබෙන්නේ කාලයක සිට බවයි.

සාතන් වසර 34 කට පසු සල්මාන් සොයා එයි

සිකුරාදා උදෑසන රෂ්ඩි මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ දේශනයට සහභාගි වීමට අවසර පත්‍රයක් ද මිලදී ගෙන තිබුණු අතර බස් රථයකින් දේශන ශාලාවට ගොස් තිබේ. පසුගිය ඉරිදා ටෙහෙරානයේ ප්‍රකාශයට පත් කරන ලද පුවත්පතක් වන Keyhan හි මුල් පිටුව කියා සිටියේ රුෂ්ඩි “දිව්‍ය පළිගැනීම” ලබාගෙන ඇති බවත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සහ ඔහුගේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ “ඊළඟට” සිටින බවත්ය.

මෙම උත්සවයට පැමිණ සිටි පිරිස සහ ආරක්ෂක අංශ නිලධාරීන් හදි මටාර් වෙත කඩා පැන ඔහු මෙල්ල කර ගනිද්දී, දේශන ශාලාවේ සිටි වෛද්‍යවරයකු වහා රුෂ්ඩිට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දුන් බව පැවැසෙයි. පොලිසිය පැමිණ හදි මටාර් අත්අඩංගුවට ගනිද්දී, වෛද්‍ය ආධාරකරුවන් කණ්ඩායමක් වහා පැමිණ රුෂ්ඩිට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී ගුවන් මගින් ඔහු ළඟම පිහිටි රෝහලට ගෙන ගියේය. රුෂ්ඩි රෝහලට ගෙන යෑම සිදුවූයේ හෙලිකොප්ටරයකිනි. මේ ප්‍රකට ලේඛකයා සිකුරාදා පිහි ප්‍රහාරයකට ලක් වූයේ උදෑසන 10.45 ට පමණය. සිද්ධිය සිදුවී පැයක් පමණ ගතවෙද්දී මේ පුවත ලෝකයේ සියලු මාධ්‍යවල ප්‍රධාන පුවත විය. මේ ප්‍රහාරයෙන් පසුව ප්‍රකට ලේඛිකා තස්ලිමා නස්රීන් මෙලෙස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණාය. ඇයද මුස්ලිම් අන්තවාදී තර්ජනයට මුහුණදී සිටින්නියකි. “සල්මන් රුෂ්ඩිට නිව්යෝර්ක් නුවරදී ප්‍රහාරයක් එල්ල වූ බව මම දැනගත්තා. මම ඇත්තටම කම්පනයට පත්වෙලා. මම කවදාවත් හිතුවේ නැහැ එහෙම වෙයි කියලා. ඔහු බටහිර රටවල ජීවත් වන අතර 1989 සිට ඔහුට ආරක්ෂාව ලබා දී තිබෙනවා. ඔහුට පහර දුන්නා නම් ඉස්ලාමය විවේචනය කරන ඕනෑම කෙනකුට පහර දිය හැකියි. මම කණස්සල්ලට පත්ව සිටිමි”.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment