සාදය අතුරතුර දී ඇති ගැටුව බේරන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පිහියෙන් ඇනලා

473

* පිහි ප‍්‍රහාරය එල්ල වූ ස්ථානය සිද්ධිය පිළිබඳ සාක්ෂි

උඩප්පුව, කිරීයන්කල්ලිය සින්නකොළණිය ප‍්‍රදේශයේ මත් සාදයක ඇතිවූ  ගැටුමක් සම්බන්ධව රාජකාරි කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට පිහි පහර එල්ල කළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ පිහි පහරකට ලක්ව ඇත්තේ උඩප්පුව පොලිසියේ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. ඞී. ගාමිණි හා පොලිස් කොස්තාපල් (59805* පුෂ්පකුමාර නමැති නිලධාරීන් දෙදෙනෙකි.

සාදය අතුරතුර දී ඇති ගැටුව  බේරන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පිහියෙන් ඇනලා

පිහිපහර එල්ල කිරීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ. කිරීයන්කල්ලිය සින්නකොළණිය ප‍්‍රදේශයේ කුකුල් ගොවිපලක සාදයක් අතරතුර 10 දින රාත‍්‍රි 10.30 ට පමණ ගැටුමක් හටගෙන තිබේ.

එකම පවුලේ ඥාතින් පිරිසක් මෙම ගොවිපලේ සාදය පවත්වා ඇති බවත් එයින් පසුව එයට සහභාගි වු දෙදෙනකු විසින් ගොවිපලේ හිමිකරු හා තවත් තිදෙනෙකුට පහර දී පිහිවලින් කපා එහි තිබු උපකරණ රැුසකට හානි කර ඇති බව පොලිසිය කියයි. ඒ සම්බන්ධව උඩප්පුව පොලිසියට ලැබුණ 119 දුරකථන ඇමතුම අනුව අදාළ ස්ථානයට නිලධාරින් රාත‍්‍රියේම ගොස් තුවාල ලබා සිටි පිරිස රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර සැකකරුවන් පලා ගොස් තිබිණි.

නැවතත් මෙම ස්ථානයේ ගැටුමක් ඇති වූ බවට ලැබුණ තොරතුරක් මත නැවතත් පොලිස් නිලධාරින් දෙදෙනකු එම ස්ථානයට ගොස් තිබේ. කලින් පිරිසට කැපුම් තුවාල සිදුකළ සැකකරුවන් දෙදෙනා සැඟවී සිටි ස්ථානය සොයා බලද්දී එකවර පිහියකින් පොලිස් නිලධාරින් දෙදෙනාට පහර දී බරපතළ ලෙස කැපුම් තුවාල සිදුකර ඇත.

කැපුම් තුවාල ලබා බරපතළ තත්වයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා උඩප්පුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

අදාළ සිද්ධියෙන් කැපුම් තුවාල ලබා බරපතළ තත්වයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා සමග කුකුළු ගොවිපලේ හිමිකරු ඇතුළු පස් දෙනකු හලාවත මහ රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටිති. සිද්ධිය සම්බන්ධව උඩප්පුව පොලිසිය විමර්ශන කටයුතු සිදුකරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment