සාධාරණය උදෙසා කැපකළ සෙබස්තියන් මුනිතුමා

2082

ශුද්ධවන්තයන් යනු අහසින් වැටුණු අය නොවෙයි. එතුමන්ලා ද, ඔබ මා මෙන් මේ මහ පොළොවේ දිවි ගෙවූ අයයි. එහෙත් ඔවුන් ජේසුතුමන් දෙසූ දහම ක‍්‍රියාවට නංවමින් තම ජීවිත වෙනස් කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ උත්තමයෝය.

ශු. සෙබස්තියන් මුනිතුමා ද එවැනි උත්තමයෙකි. එතුමා ජන්මලාභය ලැබුවේ ‘මිලාන්’ නගරයේ ‘නර්බෝන්’ නුවරය. එය පිහිටා ඇත්තේ දකුණු ප‍්‍රංශයේ මධ්‍යධරණී සමුද්‍රයට ආසන්නව ඊට මුහුණලා ය. එතුමාගේ පියා නර්බෝන්හි වතු හිමි වංශාධිපතියකි. මව ‘ගෝල්’ ප‍්‍රදේශයේ කුල කතකි. සෙබස්තියන් මුනිතුමාට කාගේත් සිත් බැඳ ගන්නා රූ සපුවක් තිබිණි.

කුඩා සෙබස්තියන්ව රැකබලා ගැනීමට ඔහුගේ දෙමාපියන් විසින් ආසියාවේ අන්තියෝක් ප‍්‍රදේශයෙන් සංක‍්‍රමණය වූ මීරියාම් ද, ඇග්නස් ද, මරියා ද, ඇනස්ටේසියා ද, යන වහලියන්ට පවරා තිබුණි. ඔවුන් අවංක, ගුණ ගරුක ජීවිත ගත කළ ක‍්‍රිස්තියානීන් වූ අතර, දරුවාට අකුරු කරවීම ද මීරියාම්ට භාර දී තිබුණි.

සෙබස්තියන් කුඩා වියේදීම පුදුමාකාර බුද්ධියක් තිබූ දරුවකු විය. මේ නිසා ඔහු සෑම දෙයක් පිළිබඳව ප‍්‍රශ්න කිරීමට පුරුදුව සිටියේය. නර්බෝන්හි මහා විiාලයට ගොස් විiා, කලා හා නීතිය උගන්නා සමයේදී පවා සෙබස්තියන් විශ්වය ගැන බොහෝ කාරණා එහි ආචාර්යවරුන්ගෙන් විමසූව ද ඉන් සෑහීමකට පත් වූයේ නැත. ඔහු ක‍්‍රිස්තු ධර්මය මනා ලෙස නිවැරදිව ඉගෙන ගත්තේය. එතුමා සොළොස් හැවිරිදි වියේදී රෝවන් හමුදාවේ කැඩට් සෙබළකු ලෙස කටයුතු කරමින් සියලූ යුද ශිල්ප ප‍්‍රගුණ කළේය. රෝමානු හමුදාව එදා ක‍්‍රිස්තියානීන්ට කෲර වධහිංසා දෙමින් ඔවුන් ඝාතනයට ලක් කළේය. මෙතුමා ප‍්‍රාණ පරිත්‍යාගී වන කිතුනුවන් ශක්තිමත් කරමින් ඔවුනට උදව් උපකාර කළේය. එමෙන්ම බොහෝ දෙනෙකු කිතුනු විශ්වාසයට හරවා ගත්තේය. අවසානයේදී ‘දියොක් ලෙසියානු’ අධිරාජ්‍යයට සෙබස්තියන් සෙබළා කිතුනුවකු බව ආරංචි වී එතුමාට ඊතලවලින් විද මරා දැමීමට අණ කර ‘මොරිටානීයාන්’ නම් රෝම දුනු හේවායාට භාර දී ඇත. එහෙත් එතුමා මරණයට බිය නොවී සත්‍ය විශ්වාසයට සාක්‍ෂී දැරීය. ඊතලවලින් හී වැස්සක් විද, එතුමා බැඳි සිටි කණුව අසලට වැටෙන තෙක් එතුමාට හේවායෝ පහර දුන්හ. පසුව එතුමා මළ බව දත් හේවායෝ කඳවුර බලා ගියහ. එහෙත් එතුමා ඉන් ජීවිතක්‍ෂයට පත් වුණේ නැත. පසුව ‘ඉරේතියා’ නම් කුලවත් කාන්තාව සෙබස්තියන්තුමාගේ මළකද රැගෙන රජ මැඳුර තුළ වූ සිය ගෙතුළට ගොස් හද ගැස්ම පවතින බව දැන සාත්තුු සප්පායම් හා ප‍්‍රතිකාර කර දින දෙක තුනකදී එතුමාට පියවි සිහිය ලබා දී ඇත.

පියවි සිහිය ලැබූ සෙබස්තියන්තුමා සිය යුද හමුදා තනතුර අතහැර සිවිල් ඇඳුමින් සැරසී වහා දියෝත්ලේසියානු අධිරාජයා ඉදිරියට ගියේය. ‘දුෂ්ට දියෝක්ලේෂියන් අහිංසක ක‍්‍රිස්තියානීන් නිකරුණේ මරා දැමූ භයානක අපරාධ නුඹ පසු පස හඹා එනු ඇත. දෙවියන්ගේ සාධාරණ විනිශ්චය හා නීතිය ඉදිරියේ නුඹව මරණයට පත් වී නිරය විසින් ගිල ගනු ඇතැයි අධිරාජයා ඉදිරියේ නිර්භීතව ප‍්‍රකාශ කළේය.

එවිට අධිරාජයා කෝපාවිෂ්ටවී අඩි හප්පවමින් ප‍්‍රධාන ආරක්‍ෂකයාට කථාකොට ‘මොහුට පොලූවලින් පහර දී ඝාතනය කොට කසළ කාණුවට දමවයි’ නියෝග කළේය. රෝම හේවායෝ සෙබස්තියන් මුනිතුමාට දස වධදී පොලූවලින් පහර දී මරා කසළ කාණුවකට දමා ගියෝය. මධ්‍යම රාත‍්‍රීයේදී මෙම කසළ කාණුව අසලින් ගමන් කළ පිරිසක් එහි මහත් ආලෝකයක් බැබළෙන අයුරු දුටුවෝය. මේ අතර සෙබස්තියන්තුමාගේ ස`ගයෙක් එතැනට පැමිණ සිරුර කාණුවෙන් පිටතට ගෙන සිරි සිරුර නහවා ඔසවා ගෙන ‘ඇපියන්’ මාවත දිගේ ‘අද් කැටකුම්බසේ’ නම් ස්ථානයට ගෙන ආවේය.

පසුව ‘පබ්සොලා’ හා ‘ලූසිනා’ යන අය මුල් වී අද්කැටකුම්බසේ ස්ථානයේ හොර රහසේම සෙබස්තියන් තුමාගේ ශ‍්‍රී දේහය නිදන් කළහ. පීඩන සමය ගෙවීගිය පසු රෝම කතෝලිකයෝ එහි මහා ආසන දෙව්මැඳුරක් එතුමා නමින් ගොඩනැගූහ. සෙබස්තියන් මුනිතුමාගේ සොහොන් ගෙය මත ගොඩනගන ලද බැසිලිකාව අදත් රෝම නගරය තුළ ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනා මානයට පාත‍්‍ර වෙමින් පවතී.

මෙවැනි වසංගත රෝගවලදී ශු. සෙබස්තියන් මුනිතුමාගේ පිහිට ලබා සුවය ලැබුවෝ බොහෝ වෙති. ශ‍්‍රී ලංකාවේ කතෝලික අකතෝලික සැවොම ආගම් බේදයෙන් තොරව මේ ශුද්ධවරයාට භාරහාර වීම අද සාමාන්‍ය චාරිත‍්‍රයක් වී ඇත.

ලූෂන් ෂර්ලි එඞ්වඞ්
ගෝනවල

(දිවංගත පාඨශාලාචාර්ය එම්. ඩබ්. පෙරේරා මහතාගේ කෘතියකින් කරුණු උපුටා ගන්නා ලදී.)

සාධාරණය උදෙසා කැපකළ සෙබස්තියන් මුනිතුමා
advertistmentadvertistment
advertistmentadvertistment