සාන්තුවරයන්ගේ සටන එස්එස්සී පිටියේදී හෙට සහ අනිද්දා

90

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික බාලක පාසල් දෙකක් වන මරදාන සාන්ත ජෝසප් විදුහල හා බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් 89 වැනි වරට පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලබන 28-29 දෙදින කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඩයලොග් ආසියාටා සමාගම මෙවර තරගයේදීත් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය දෙවසර ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ මේ තරගය විදුහල් දෙකේ ප්‍රධාන පියතුමන්ලාගේ අනුශාසකත්වය යටතේ, මෙවර ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සාන්තුවරයන්ගේ සටනේ ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන කඩුලු රකින පිතිකරුවකු වන සදීෂ ජයවර්ධන සාන්ත ජෝසප් පිල මෙහෙයවන අතර, තුන්ඉරියව් ක්‍රීඩක නිමුතු ගුණවර්ධන සාන්ත පීතර කණ්ඩායම මෙහෙයවයි.

සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ 12ක් සමඟින් මේ තරගාවලි ඉතිහාසයේ පෙරමුණේ පසුවෙයි. 2016 දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ 10 වැනි ජයග්‍රහණය වාර්තා කළ සාන්ත පීතර විදුහල මේ දක්වාම කුසලානය තමන් සන්තකයේ රඳවා ගැනීමට සමත්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment