සාන්ත ජෝන් සහ පිළියන්දල මැදි විදුහල අද අවසන් සටනේ – ඩයලොග් පාසල් ලීග් රග්බි

130

ඩයලොග් පාසල් ලීග් සභාපති කුසලාන රග්බි  තරගාවලියේ අවසන් මහා තරගය නුගේගොඩ සාන්ත ජොන් විදුහල් කණ්ඩායම සහ පිළියන්දල මධ්‍ය මහා විදුහල අතර අද (09 වැනිදා) ක්‍රියාත්මක වේ. ඒ පස්වරු 2.00ට කොළඹ හැව්ලොක් පාර්ක් පිටියේ දීය.

අවසන් පූර්ව වටයේදී කොළඹ නාලන්ද විදුහල පරාජයට පත් කළ නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් කණ්ඩායම ඩයලොග් පාසල් සභාපති කුසලාන අවසන් තරගය සඳහා වරම් හිමිකර ගත්තේය. එම තරගයේදී ගෝල 25 – 12ක් ලෙස ජය වාර්තා කිරීමට සාන්ත ජෝන් විදුහල් කණ්ඩායම සමත් විය.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාල කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment