සාන්ත සෙබස්තියන් විරුවා කිතුනු දහම වෙනුවෙන් පෙරමුණ ගත්තා

45

මීගමුව සාන්ත මරියා දෙව් විමනේ මීසම් පාලන සහායක මේරියන් ඩිලක්ෂිත පියතුමා

කිතු දහම විනාශ කිරීමට පෙරමුණ ගත් රෝම අධිරාජ්‍යවාදී රෝම නායකයාට එරෙහිව දිවි පරදුවට තබා රෝම අධිරාජ්‍යයේ කිතු දහම සවිමත් කළ ශුද්ධ සෙබස්තියන් මුනිතුමා වර්තමානයේ සමස්ත කිතුනු ලොවේම පූජනීය කිතුනු දහම් විරුවානෝය. රෝගීන් හා පීඩිතයන් වෙනුවෙන් ද මානව හිතවාදීව කිතු දහම සවිමත් කළ විශ්ව නායකයා ද එතුමා ලෙස කිතුනු ඉතිහාසය වර්ණවත් කළෙ ්ද එතුමාය.

මෙම කිතුනු සංකල්පය ජනගත කළේ පසුගිය ජන: 29 ඉරිදා පමුණුගම, ඇලෙන්එගොඩ සාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ පැවැති 23 වසරේ සෙබස්තියන් මුනි මංගල දේව මෙහෙයේ මංගල දේව මෙහෙය පැවැත්වූ පමුණුගම මීසමේ හිටපු සහායක පියතුමා වූ වර්තමාන මීගමුව සාන්ත මරියා ප්‍රධාන දෙව්මැඳුරේ මීසම් සහායක පියතුමා වූ මේරියන් ඩිලක්ෂිත පියතුමාය. මංගල දේව මෙහෙයෙන් පසු ශුද්ධවර සෙබස්තියන් මුනි ප්‍රතිමාව රැගත් ආසිරි පෙරහැර ද මීසම වටා පැවැත්වීය.

මංගල දේව මෙහෙයේ සහායක පියවරුන් ලෙස මීසම් පාලක ප්‍රාදේශීය අනුනායක සාන්ත සාගර පියතුමා සහ මීසම් සහායක පැතුම් චින්තක පියතුමා ද මංගල දේව මෙහෙය පැවැත්වූ ප්‍රධාන පියතුමා වූ මේරියන් ඩිලක්ෂිත පියතුමා ද මෙම සේයාරුවේ දැක්වේ.

● වාර්තාව – ජෝ. සංගපාලආරච්චි
සේයාරුව – බෙන්ජිමින් කිරිහෙට්ටි

advertistmentadvertistment
advertistmentadvertistment