සාපේක්ෂ ආර්ථික සහන පිළිබඳව චූන් එකක් නැහැ

61

පා. මන්ත්‍රී සංජීව එදිරිමාන්න

අද වන විට යම් යහපත් ආර්ථික වර්ධනයක් ගොඩනැඟී සංචාරක කර්මාන්ත ඉපැයීම් ප්‍රශස්ත මට්ටමකට පවතින අතර විදේශ ආයෝජන සම්බන්ධ බලශක්ති ක්ෂේත්‍ර ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක අලුත් බලාපොරොත්තුවක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (07 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ වගේම එල්ඊටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රට අභ්‍යන්තර සංවාදයක් සහ ජාත්‍යන්තර සභාවල සංවාදයක් තිබුණා ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි නීතිවල වෙනසක් සිදුවිය යුතු බවට. ඒ පිළිබඳ මූලික අවධානයක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වුන අවස්ථාවේ සිටම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ අනුව තමයි මේ මොහොත වන විට ප්‍රතිත්‍රස්තවාදි පනත පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. මෙය පනතක් නොවේ. නීත්‍යානුකූල පනත් කෙටුම්පතක්. පනතක් බවට පත්වෙන්නේ මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාද කරලා ඡන්ද විමසීමකින් සම්මත කරලා කථානායකතුමාගේ අත්සන තැබීමෙන් පසුවයි නීතියක් බවට පත්වෙන්නේ.

මෙහිදී මුලික තර්කයක් බවට පත්වෙන්නේ පුරවැසි අයිතීන්, මානව හිමිකම්, පුද්ගල නිදහස මේ පනත් කෙටුම්පතේ ගැටීමක් තිබෙනවා කියලා. නූතන ලෝක දේශපාලනයේ හැම රටක්ම ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා යම් යම් නීති සම්පාදනය කර තිබෙනවා. මෙහිදී මූලික වශයෙන් පේන කාරණය තමයි ලෝකයේ මොන රටේ මොන ආකාරයෙන් ත්‍රස්ත විරෝධි පනතක් නිර්මාණය කළත් ඒ සෑම පනතක් මානව හිමිකම් සමඟ යම් ආකාරයට ගැටීමක් සහ විවේචනයකට ලක්වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ මේ දැනට කෙටුම්පත් වෙමින් පවතින ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් පවතින්නෙත් ඒ ස්වභාවික දේශපාලන තර්කයයි. එය අවම කරමින් වැරදි නොකරන අතිබහුතර සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අකටයුතුකම් සිදුනොවන සමාජයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් නීති සම්පාදනය කරන්න. දැනට කෙටුම්පත් කොට තිබෙන යෝජනාවේ යම් ගැටලුවක් තිබේ නම් ඊට අවශ්‍ය සංශෝධනයකට සාකච්ඡා කරමු. තවම මෙය යෝජිත කෙටුම් පනතක් පමණයි.

විපක්ෂය මේ අවස්ථාවේ දැඩි ආයාසයක් දරන බව අපිට පේනවා රට ඇතුළේ නිර්මාණය වෙමින් තිබෙන යම් යම් ආර්ථික සහනයන් මේ අවස්ථාවේ ඒ තරම් සැලකිල්ලට ගන්න එපා කියලා මහජනතාවට ඒත්තු ගන්වන්න. මීට ටික කාලයක් ආපස්සට ගියාම අත්විදි ආර්ථික පිඩාවන්ට සාපේක්ෂවයි මේවා සහනයක් බවට පත්වෙන්නේ. මේ සාපේක්ෂ ආර්ථික ජීවන සහන පිළිබඳව චූන් එකක් නෑ. නමුත් මහජනයා එක්ක ගැවසෙන මිනිස්සු විදිහට අපිට යම් සැනසිල්ලක් තිබෙනවා. අපි බරපතල ලෙස මුහුණ දුන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් හිඟයකට. ඒ හිඟය පිළිබඳව ප්‍රශ්නය අපි කළමණාකරණය කරනවා. ඊට පසුව මිල අර්බුදයක් තිබුණා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව. නමුත් දැන් ඊට සාපේක්ෂව යහපත් තැනකට දැන් එය රැගෙන එමින් තිබෙනවා. දැන් මේ සහනයන් පිළිබඳව එක්තරා දේශපාලන විවේචන එල්ල කරන කණ්ඩායම් මේ විවේචනය එල්ල කරන්නේ ඇයිද කියන කාරණාව කල්පනා කරන්න වෙනවා. ඒ පිරිස කැමති මහජනයා මේ පීඩාව තවදුරටත් අත්විඳිනවා නම්. මේ ආර්ථික පීඩාවන් ඔවුන් තවදුරටත් අපේක්ෂා කරන්නේ එය නොවේද?

අපි රටක් විදිහට මේ අර්බුදයෙන් අත්මිදෙමින් ඉස්සරහට යමින් සිටින්නේ. විදේශ සංචිත සම්බන්ධයෙන් යම් යහපත් ආර්ථික වටපිටාවක් හැදිලා තිබෙනවා. සංචාරක කර්මාන්ත ඉපැයීම් ප්‍රශස්ත මට්ටමකට ලංවෙමින් තිබෙනවා. විදේශ ආයෝජන සම්බන්ධ බලශක්ති ක්ෂේත්‍ර ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක අලුත් බලාපොරොත්තුවක ඉන්නවා. මේ සියල්ල තුළ ආනයනික භාණ්ඩ වෙළඳපොළේ යම් යහපත් තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ආනයනික අමුද්‍රව්‍ය මත නිර්මාණය වෙලා තිබෙන ස්වදේශීක නිෂ්පාදන කර්මාන්ත යම් සහනයක් අත්විඳිනවා.

දේශපාලන වේදිකාවේ ඉඳලා මිනිසුන්ගේ පපුවට වෛරය විතරක් මුදාහැරලා වෛරය වෙනුවෙන් ගහන අත්පුඩි සහ ඒ වෙනුවෙන් වදින විසිල් හෟට රැවිටිලා දේශපාලනය කරන පිරිස වෙනුවෙන් කලකිරීමක් තිබෙන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment