සාමකාමීව උද්ඝෝෂණය කිරීමට ජනතාවට ඇති අයිතිය කඩාකප්පල් කිරීමෙන් වළකින්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

236

සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමට මහජනතාවට ඇති නීත්‍යනුකූල අයිතීන් කඩාකප්පල් කිරීමට කවර ආකාරයකින් හෝ උත්සහ දැරීම්වලින් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී’

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් කොටුව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සාමකාමී ජනතා උද්ඝෝෂණය විසුරුවා හැරීමට කළ උත්සාහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ’

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ’

ජන සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වෙන කොටුව ගාලුමුවදොර පිට්ටනිය ආසන්නයට පොලිස් රථ සමූහයක් ගෙන්වා ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ට විශ්වාස කටයුතු තොරතුරක් ලැබී තිබේ’ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමෙන් පසු පොලිස් ට්‍රක් රථ සමූහය ඉවත් කරගෙන තිබිණ’

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා එම සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන් විසින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි’

ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment