සාමකාමී අරගලයට පහරදීමේ වගකිවයුත්තා මහින්ද රාජපක්ෂ බව චෝදනා

602


සාමකාමී අරගලයකට පහරදී රට තුළ ඊයේ ප්‍රචන්ඩත්වයක් ඇතිකිරීමට වගකිවයුත්තා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.මෙය ඔහු විසින් සැලසුම්කර ඇති කළ ප්‍රචණ්ඩත්වයක් බවත් ඒ මහතා චෝදනා කරයි.මේ අතර මෙම සාමකාමී අරගලයට පහරදීම සඳහා සැලසුම් කිරීමේ චෝදනා මත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව නීතීඳවරු පිරිසක් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment