සාමකාමී උද්ඝෝෂණ කලහකාරී වෙලා සාමය රැකීමට හදිසි නීතිය පැනවූවා ඇමැති ප්‍රසන්න රණතුංග

222

සාමකාමීව කෙරුණු උද්ඝෝෂණ කලහකාරී තත්ත්වයට පත්ව ඇති නිසා නැවත සාමකාමී පරිසරයක් සකස් කිරීමට හදිසි නීතිය යෙදූ බව සංචාරක හා මහජන ආරක්‍ෂක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

රටේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.

රටේ සාමකාමී වාතාවරණයක් ඇතිකර ගන්න ඕනෑ. පසුගිය දවස්වල සාමකාමී උද්ඝෝෂකයන්ට සාමකාමීව කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්නා. ජාත්‍යන්තර පිළිගත් තත්ත්වයන්ට අනුව කටයුතු කරන්න අවස්ථාව දුන්නා. ගෝල්ෆේස් එකට සනීපාරක්‍ෂක භාණ්ඩ, අවශ්‍ය කෑම බීම ගේන්න නිදහස දුන්නා.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය දොරටුව අවහිර කරගෙන නොයෙකුත් අසනීපවලට බෙහෙත් ගැනීම සඳහා ජනාධිපති අරමුදලින් උදව් ලබා ගන්න ඉල්ලුම්පත්‍ර භාරදෙන්න එන අයත් අපහසුතාවට පත්වෙලා. මේකට පොලිස් ආඥාපනත අනුව කටයුතු කරන්න පුළුවන්. නමුත් පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කරමින් අධිකරණයට දැනුම් දුන්නා.

මේ වන විට සාමකාමී උද්ඝෝෂණ කලහකාරී තත්ත්වයට පත්වෙලා. ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත ශාලාවල සේවකයන් බලහත්කාරයෙන් එළියට ගන්නවා. එසේ නොඑන අයගේ ගෙවල් වටලන්න කියලා සමාජ මාධ්‍යවලින් කියනවා. අධිබල ජල ප්‍රහාරක රථයක් ගෙන්වලා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. මේක වසරකට වඩා පරණ එකක්. අනික ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලට යනකොට රැගෙන ගිය එකක්.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment