සාමකාමී විරෝධතාකරුවන් හා රජය අතර සංහිඳියාවක් ඇති කිරීමට කළු තොප්පි සූදානම්

134

මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවත් ඒ සඳහා මැදිහත්වීමට තම සංවිධානය සූදානම් බවත් කළු තොප්පි සංවිධානය (Black Cap Movement) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

එම සංවිධානය යවන ලද ලිපියේ මෙසේද දැක්වෙයි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසීරු ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුන දෙමින් සිටියි. ශ්‍රී ලංකාව පත්ව ඇති මේ අසීරු මොහොතේ ජනාධිපති ධුරයට පත්වූ ඔබගේ ක්‍රියාකලාපය අප සංවිධානයක් ලෙස නිරීක්‍ෂණය කරමින් සිටිමු.

මෙරට ජාතිය ගොඩනැඟීමටත්, සංහිඳියා ක්‍රියාවලියක් සඳහා 30 වසරක කුරිරු යුද්ධයෙන් පසුව අවස්ථාවක් ලැබුණු බව ඔබ ද දන්නා කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment