සාමකාමී විරෝධතා මැඬීමට  කිසි ලෙස හමුදාව යොදා ගන්නේ නෑ – ආරක්‍ෂක ලේකම්ගෙන් ෆොන්සේකාට ප්‍රතිචාර

154

සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි’

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් තම මුහුණු පොතෙහි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහත්වරුන් අමතා කළ සටහනට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ’

ආරක්‍ෂක ලේකම්වරයාගේ මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ’

ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කෙරෙන සාමකාමී විරෝධතා මැඬපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා අතර ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්‍ෂාව වෙනුවෙන්” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය විසින් එවැනි සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙනු ලබන බවයි’

සාමකාමී ලෙස විරෝධතාවේ යෙදෙන අයවළුන් අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මගින් යම් කලකෝලාහල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිම සත්‍යතාවක් නැති අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බව ආරක්‍ෂක ලේකම්වරයා මහජනතාවට දන්වා සිටී’

සාමකාමී අරගලවලදී තම යටි අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කිරීමට වෙර දරන විවිධ කණ්ඩායම් පිළිබඳව පෙන්වා දෙමින් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපළ හෝ පෞද්ගලික දේපළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන අයවළුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය විසින් ගන්නා බවයි’

ආරක්‍ෂක ලේකම්වරයා” ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක්ව රටේ නීතිය” සාමය සහ ජනතාව ආරක්‍ෂා කිරීමටත්” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමටත් තම යුතුකම වගකීමෙන් යුතුව ඉටුකරන බව පවසමින් ගෞරවාන්විතව සහ අවංකව කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගන්නා උත්සාහය පිළිබඳව සිහිපත් කළේය’

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment