සාමණේර හිමි අපයෝජනය කළ චීවරධාරියා වසර දෙකකට පසු කොටු වෙයි

432


මෙයට වසර දෙකකට පමණ පෙර ගාල්ල ගල්වඩුගොඩ ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි දස හැවිරිදි කුඩා සාමණේර නමකට බර පතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අවශ්‍යව සිටි 47 හැවිරිදි සැකකාර හිමි නම දඹුල්ල ප‍්‍රදේශයේ සැඟව සිටියදී ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල ගල්වඩුගොඩ විහාරස්ථානයකදී දස හැවිරිදි කුඩා සාමණේර හිමි නමකට බර පතල ලිංගික අපයෝජනයක් සිදු කරන ලද බවට සැකකාර හිමියන්ට විරුද්ධව 2019. 06.12 වැනි දින ගාල්ල පොලිසියට ලැබුන පැමිණිල්ලක් අනුව අධිකරණයේ නඩු පවරා ඇති අතර ඉන් පසුව සැකකාර හිමියන් ගාල්ල විහාරස්ථානයෙන් ගොස් ඇත.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක පුෂ්ප කීර්ති, කොස්තාපල්වරුන් වන චාමර(66650, ජීවන් (71351, අරුණ(73009, ජගත්(77147, ගීතප‍්‍රිය (78828, සඳකැළුම්(35769, ප‍්‍රභාත්(80781* යන නිලධාරින් විසින් සැකකාර හිමිනම අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අහංගම සුගතපාල දියගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment