සාමයට පණිවුඩයක් දී දර්ශන් ජීවිත රඟ මඬලින් බැස ගියේය…

930

සම්මානනීය රංගන ශිල්පි, සිංහල සිනමාවේ එකම දමිළ නළුවා ලෙස හැදින්වූ දර්ශන් ධර්මරාජ් මහතා ඔහුගේ උපන් ගම වන රක්වානේදී පෙරේදා (5) සැන්දෑවේ දහස් ගණනකගේ සෝසුසුම් මැද ජීවිත රඟමඩලෙන් සමුගත්තේය.

ඒ මහතාගේ රක්වාන, කොට්ටල පාරේ පිහිටි නිවෙසේදී පවුලේ ආගමික චාරිත්‍ර සිදු කළේය. දර්ශන් ධර්මරාජ් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු රක්වාන පොදු ක්‍රීඩා පිටියට දහස් ගණනින් සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව එක්වුහ. දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට ඔහුගේ නිවසේ දේහය තැන්පත් කර තිබියදී ජනතාව වැල නොකැඩී පැමිණි අතර කලාකරුවන් රැසක්ද ඒ අතර වූහ. අවමංගල්‍ය උත්සවයේදී සර්ව ආගමික වතාවත් සිදු කරන ලදි.

සාමයට පණිවුඩයක් දී දර්ශන් ජීවිත රඟ මඬලින් බැස ගියේය...
සාමයට පණිවුඩයක් දී දර්ශන් ජීවිත රඟ මඬලින් බැස ගියේය...
සාමයට පණිවුඩයක් දී දර්ශන් ජීවිත රඟ මඬලින් බැස ගියේය...

කලාකරුවන් වෙනුවෙන් රංගන ශිල්පි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සහ සිනමා නිළි නිරංජනී ෂන්මුගදාස් මෙනවිය කතා කළ අතර ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර සහ හිටපු පළාත් සභා මන්ත්‍රී බී. ආරියවංශ යන මහත්වරුන්ද ගුණ කථනයට එක්වූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ශෝක පණිවුඩද මෙහිදී කියවනු ලැබීය. රක්වාන කඳු පන්තිය පසුබිම වන්නට නිර්මාණය කළ දර්ශන් ධර්මරාජ් කලාකරුවාගේ දේහය චිතකයේ තැන්පත් කිරීමෙන් පසු, දල්වනු ලැබුවේ සුවහසක් රසික රසිකාවියන්ගේ දුක් කදුළු සෝ සුසුම් මැදය.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment