සාම්පලවල ක්ෂුද්‍ර ජීවීන්… චීන පොහොර ගෙනාවොත් බරපතළ අවදානමක්; මහාචාර්ය බුද්ධි මාරඹේ

1448

චීනයෙන් මෙරටට ආනයනය කිරීමට සූදානම් කර ඇති ඝන කාබනික පොහොර තොගයේ සාම්පල් තුළ ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට අනාවරණය වී ඇති නිසා ඒවා ගෙන්වීම මෙරට කෘෂිකාර්මික හා පාරිසරික ව්‍යවසයකට අතවැනීමක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.

මෙම පොහොර සාම්පල් දෙකේම ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය විසින් අනාවරණය කරගෙන ඇත.

සාම්පලවල ක්ෂුද්‍ර ජීවීන්... චීන පොහොර ගෙනාවොත් බරපතළ අවදානමක්; මහාචාර්ය බුද්ධි මාරඹේ

මෙම පොහොර ආනයනය සම්බන්ධව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති නිර්දේශවලට අනුව රටට ගෙන්විය හැක්කේ ජීවානුහරණය කරන ලද පොහොර පමණක් වන බැවින් මෙම ඝන පොහොර ආනයනය නීතිවිරෝධී බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

ශාක නිරෝධායන අංශය මගින් තහවුරුකර ඇත්තේ මෙම සාම්පල් තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන් ඝන නාමවලින් පමණක් හඳුන්වා දී ඇති බව පමණක් යැයිද ඒ මහතා පැවසීය. නමුත් එම ඝනවලට අයත් විශේෂ රාශියක් සිටිය හැකි බැවින් තත්ත්වය ඉතා බරපතළ වියහැකි බවටද ඒ මහතා අනතුරු ඇ`ගවීය.

මෙම බැක්ටීරියා විශේෂ මගින් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මෙන්ම අනෙකුත් පාරිසරික හේතුවලටද බලපෑම් වියහැකි බවද ඒ මහතා කීය.

පොහොර සාම්පල් තුළ බැසිලස් ඝනයට අයත් සහ අර්වීනියා ඝනයට අයත් බැක්ටීරියා පවතින බවට අනාවරණය වී ඇතැයිද මාරඹේ මහතා කීය. දැනට කිලෝ 96,000 ක ප‍්‍රමාණයක් ඇණවුම් කිරීමට නියමිත බවත් එම පොහොර තොගය චීනයේ සිට දින 15 ක් තුළ නැව් මගින් මෙරටට ගෙනඒමේදී ක්‍ෂද්‍ර ජීවීන් කුඩා ප‍්‍රමාණයක් සිටියත් එය සැලකිය යුතු ලෙස වර්ධනය වියහැකි බවද ඔහු පැවසීය.

විශේෂයෙන් අර්වීනියා ඝනයට අයත් බැක්ටීරියාවල බලවත් අහිතකර ව්‍යාධිගණකයින් සිටින බවද ඒ මහතා කීය.

මේ අතර ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් නිර්දේශ කර ඇති පිළිගත් ජාත්‍යන්තර පර්යේෂණායතනයකින් (chutter) සිදුකළ පොහොර සාම්පල් පරීක්‍ෂාවේදීද ශ‍්‍රී ලංකාවට චීනයෙන් ගෙන්වීමට ඇති පොහොර තුළ හානිදායක බැක්ටීරියා විශේෂ සහ තවත් ක්ෂුද්‍රජීවීන් ඇති බවට වාර්තා වේ.

එම වාර්තාව අනුව පොහොර නිෂ්පාදනය කරන සමාගමේ නිෂ්පාදනාගාරයෙන් සහ ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත පොහොර තොගයෙන් ලබාගත් සාම්පල් දෙකේම ප‍්‍රතිඵල සමාන වී ඇති බව දැනගන්නට ඇත.

මේ අනුව කෝලීසෝම් බැක්ටීරියා සහ නෙමටෝඩා යන ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව ප‍්‍රධාන වාර්තාවෙන් තහවුරු කර ඇති බවද දැනගන්නට ඇත.

ජගත් කණහැරආරච්චි, චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment