සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තාක්ෂණය මුසුකළ ගොවි මිතුරු

163

දේශීය සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමඟ මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ ජීවිත සරු කිරීම අරමුණු කර ගනිමින් ‘ගොවි මිතුරු’ නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදී ඇත.

කෘෂිකර්මාන්තයේ නිරත සියලු‍ම දෙනා සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය කර ඇති මෙම යෙදවුම තුළින් ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි ඔවුන් වගා බිම් සැකසුම, වගාකරනු ලබන බෝගය සහ බෝගයේ වර්ධන අවධියට අනුව නිවැරදි සවිස්තරාත්මක තොරතුරු ලබාදීම සිදුවේ. ඉතා පුළුල් වූ පරාසයක සේවාවක් සමගින් ක්‍රියාත්මක මෙම සුවිශේෂී ගොවි මිතුරු යෙදවුම ඨදදටකැ ඡක්හ ීඑදරු ඔස්සේ ජංගම දුරකථනය වෙත බාගත කර ගැනීමෙන් මෙම සේවාව සමඟ සම්බන්ධ විය හැකි අතර, 616 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් ඇමතුම් සේවාව සමඟ ද සම්බන්ධ වීමේ හැකියාව ලබා දී ඇත.

ඩයලොග් සම්බන්ධතාවය ඔස්සේ මෙම ජංගම යෙදවුම් සේවාව සමඟ සම්බන්ධවන්නන් සඳහා කිසිදු ආකාරයක ඩේටා වැයවීමක් සිදු නොවන අතර, ඕනෑම සේවා ජාලයක් සඳහා දෛනික ගාස්තු වශයෙන් රු.2 ක් සහ බදු මුදලක් මෙන්ම 616 අමතා ලබාගන්නා ඇමතුම් සේවාව සඳහා එක් බෝගයක් සඳහා දිනකට රුපියලයක් සහ බදු අයකෙරේ.

දේශීය වගාකරුවන් වෙත මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම ගොවි මිතුරු සේවාව, වර්තමානය වන විට තේ වගා කරනු ලබන ගොවීන්ගේ ඵලදායිතාව වර්ධනය වෙනුවෙන් ද දියත්කර ඇත. මේ යටතේ තේ කර්මාන්තය සම්බන්ධ විශේෂ තොරතුරු සහ තේ වගාව සම්බන්ධ උපදෙස් ක්ෂණිකව ගොවීන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ සහ ඇමතුම් ඔස්සේ ලබා දීමද සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment