සාම්ප්‍රදායික විවාහ පොරොන්දමට  විද්‍යාත්මක ප්‍රවේශයක්…

5754

දෙදෙනකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යෙන්ම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමේ විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එම සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විද්‍යාත්මක පැති කඩ පිළිබඳ සරල විග්‍රහයක යෙදීම මෙම ලිපියේ මූලික අරමුණයි.

 පොරොන්දම් බැලීමේ විවිධ ක්‍රමවේදයන් ඇත. එහෙත් අප රටේ විශාල වශයෙන් ප්‍රචලිත ව ඇත්තේ මෙම විසි පොරොන්දම වේ. එහි අංග 20ක් ඇති බැවින් එම නම අන්වර්ථවේ. එසේ වුවද විසි පොරොන්දම ගැලපීමෙන් පමණක් නිවැරදි තීරණයකට එළඹීමට නොහැකි බැව් පළපුරුදු ජ්‍යොතිර්වේදීන්ගේ අදහස වේ. දෙදෙනාගේම ජන්ම පත්‍රවල ග්‍රහ ගැලපීම් මෙන්ම කුජ දෝෂ, ශනි මංගල දෝෂ ඇතුළු තවත් කරුණු රාශියක් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඒවා ගැලපෙනවා නම් පමණක් පොරොන්දම් ගැලපීම සිදු කළ යුතුය. මෙම විවිධ පොරොන්දම් විශ්ලේෂණය කිරීමේදී නිවැරදි තීරණයක් ගැනීමට හැකි වන අංශ මොනවාදැයි තෝරා බේරා ගැනීම අපහසු නොවේ. දැනට ප්‍රචලිතව ඇති තවත් පොරොන්දම් වර්ග කීපයක් ද පහතින් දක්වා ඇත.

 ● විසි පොරොන්දම

 ● අෂ්ඨකූටය

 ● සුදර්ශන චක්‍රය (මෙය ග්‍රහ ගැලපීම සැසඳීමකි)

 ● ඒක දින පොරොන්දම

 ● දශ පොරොන්දම (මෙය විසි පොරොන්දමට අමතරව

 බලනු ලැබේ.)

 ● විසි පොරොන්දමට අමතරව පොරොන්දම් 25ක් පමණ බලන ආය වර්ග පොරොන්දම යෝගිනි පොරොන්දම, චන්ද්‍ර යෝග පොරොන්දම, යුජී වර්ග විභාගය, නක්‍ෂත්‍රාධිපති පොරොන්දම, අයවැය පොරොන්දම, ආදී විවිධ අංග නොයෙකුත් ගුරු කුල විසින් පරිශීලනය කරනු ලබන බැච් පෙනේ.

 කෙසේ වුවද අපට විසි පොරොන්දම, අෂ්ඨකූටය, සුදර්ශන චක්‍රය යන අංග 3න භාවිතයෙන් ඉතාම නිවැරදි අන්දමේ විවාහ පොරොන්දම් ගැලපීමේ තීරණයකට පැමිණිය හැකිය. අප දැන් සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විද්‍යාත්මක පැති කඩ පිළිබඳ සරලව විමසා බලමු.

 01 විසි පොරොන්දම

 ● නැකැත් පොරොන්දම – දෙදෙනාගේ පෞරුෂය සහ පවුලේ අත්‍යවශ්‍යම අංග ගැලපේදැයි බැලීම

 ● ගණ පොරොන්දම – පුද්ගලයාගේ ස්වාභාවය පරීක්‍ෂා කෙරේ

 ● මහේන්‍ද්‍ර පොරොන්දම – විවාහ දිවියේ ආයුෂ හා

 දරු සැප බැලේ

 ● ස්ත්‍රි දීර්ඝ පොරොන්දම – පුරුෂයට ස්ත්‍රිය සතුටු කළ හැකි හෝ නොහැකි බව පරීක්‍ෂා කෙරේ

 ● යෝනි පොරොන්දම – ලිංගික ජීවිතයේ ගැලපීම

 පරීක්‍ෂා කෙරේ

 ● රාශි පොරොන්දම – අභ්‍යන්තර ගති පැවතුම් හා සිතුම් පැතුම් ගැලපේදැයි පරීක්‍ෂා කෙරේ

 ● රාශ්‍යාධිපති පොරොන්දම – දෙදෙනාගේ අදහස් උදහස් හා ජීවන ප්‍රතිපත්ති පරීක්‍ෂා කෙරේ

 ● අවශ්‍ය පොරොන්දම – අන්‍යොන්‍ය බැඳීම පරීක්‍ෂා කෙරේ

 ● රජ්ජු පොරොන්දම – කායික සම්බන්ධතා

 පරීක්‍ෂා කෙරේ

 ● වේද පොරොන්දම – විවාහ ජීවිතයේ පලුදු ඇති නැති බව හා බාධක කම්කටොලු ඇති නැති බව පරීක්‍ෂා කෙරේ

 ● වෘක්ෂ පොරොන්දම – දෙදෙනාගේ කායික හා දරු ඵල පරීක්‍ෂා කෙරේ

 ● ආයුෂ පොරොන්දම – දෙදෙනාගේ ආයුෂ අඩු වැඩි බව පරීක්‍ෂා කෙරේ

 ● පක්ෂි පොරොන්දම – දෙදෙනාගේ විශ්වාසවන්ත බව හා මිත්‍රත්වය පරීක්‍ෂා කෙරේ

 ● භූත පොරොන්දම – තුන්දොස් ගැලපීම පරීක්‍ෂා කෙරේ

 ● ගෝත්‍ර පොරොන්දම – භූත පොරොන්දමට සමාන වේ

 ● වර්ණ පොරොන්දම – දෙදෙනා අතර පවතින හීන මානය හෝ අධිමානය පරීක්‍ෂා කෙරේ

 ● ලිංග පොරොන්දම – පුරුෂත්‍වය හා ස්ත්‍රිත්වය ප්‍රමුඛ හැසිරීම රටාව පරීක්‍ෂා කෙරේ

 ● නාඩි පොරොන්දම – දෙදෙනාගේ රුධිර තත්ත්වය හා ජාන පරීක්‍ෂා කෙරේ

 ● දින පොරොන්දම – ධනවත් වීම හා දියුණුව පරීක්‍ෂා කෙරේ

 ● ග්‍රහ පොරොන්දම – නැකැත් පරීක්ෂාව මෙන්ම දෙදෙනාගේ සමස්ත ගැලපීම පරීක්‍ෂා කෙරේ

 මෙකී 20 පොරොන්දමට අයත් දෙදෙනාම එකම තැනක එකම පාදයක ඉපදී ඇතොත් එම දෙදෙනා විවාහයට නොගැළපේ ඉතා අශුභයි.

 දෙදෙන එකම තැනක ඉපදි පුරුෂයා 1වන පාදයටත් ස්ත්‍රීය පසු පාදයකට අයත් වේ නම සුභයි. දෙදෙනාගේම චන්ද්‍ර රාශිය එකක්ම වේ නම ඉතාම සුභයි.

 එකම තැනක උපන් දෙදෙනාගේම තත්ත්වය මීට වඩා වෙනස් නම් අශුභ වේ. නමුත් චන්ද්‍ර රාශිය ගැළපීම හා ග්‍රහ පිහිටීම පරීක්‍ෂා කර බලා මධ්‍යම තත්ත්වයේ ගැළපීමක්ද යන්න සොයාගත හැකි අවස්ථාවන්ද පවතී.

 ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම උපන් නැකත රෙහෙන/අද/පුෂ/මා/හත/සුවණ/උත්‍රපුටුප හෝ රේවතී යන නැකැත් නම් දෙදෙනා අවාහ විවාහ වීම ඉතා ශුභ යැයි කිව හැක.

 02. සුදර්ශන චක්‍රය

 මෙමගින් ස්ත්‍රි පුරුෂ කේන්ද්‍රවල නවග්‍රහයන්ගේ තත්ත්වයන් සහ ජන්ම අවස්ථාවන්වල සතුරු හෝ මිතුරු බව හා රාශි වශයෙන් පරීක්ෂා කර බැලීම මින් සිදුවේ. රවි ග්‍රහයාගෙන් දෙදෙනාගේ පෞරුෂයද, චන්ද්‍රයාගෙන් දෙදෙනාගේ රුචි අරුචිකම්ද, කුජගෙන් දෙදෙනාගේ ආකර්ෂණය හා කාම ජීවිතයද, බුද ගෙන් දෙදෙනාගේ ඥාන ශක්තිය ද ගුරුගෙන් දෙදෙනාගේ ධාර්මික භාවයද සිකුරුගෙන් දෙදෙනාගේ කාලාත්මක වින්දනය හා රසඥතාවයද ශනි ගෙන් ශ්‍රමිකත්වයද රාහුගෙන් සංචාරක රුචිය හා අදූර්දර්ශිව කටයුතුවල නියුතු වන ආකාරයද කේතුගෙන අලස භාවයද විග්‍රහ කර බැලේ. මෙය අන්‍යොන්‍ය වශයෙන් පරීක්ෂා කර බැලීමකි. ඒ අනුව දෙදෙනාගේ එක් වීම හිතකර වේද අහිතකර වේද පිළිබඳ මෙමගින් විමසා බැලේ.

 03 අෂ්ඨකූට කූට වක්‍රය

 මෙමගින් පොරොන්දම් 8 කට ලකුණු දී එම ලකුණුවල එකතුව පරීක්ෂා කරනු ලැබේ. අෂ්ට කූට වක්‍රයට හිමි මුළු ලකුණු ප්‍රමාණය 36කි. ඉන් සියයට 50 කට වැඩියෙන් ලැබුණොත් සුභදායක වේ. පොරොන්දමක් මධ්‍යම වූ විට ලකුණු භාගයකි.

 1. නාඩි පොරොන්දම ලකුණු 8

 2. රාශි පොරොන්දම ලකුණු 7

 3. ගණ පොරොන්දම ලකුණු 6

 4. රශ්‍යාධිපති පොරොන්දම ලකුණු 5

 5. යෝනි පොරොන්දම ලකුණු 4

 6. නැකැත් පොරොන්දම ලකුණු 3

 7. වශ්‍ය පොරොන්දම ලකුණු 2

 8. වර්ණ පොරොන්දම ලකුණු 1

 ඉහත සඳහන් විසි පොරොන්දම, අෂ්ඨකූටය හා සුදර්ශන චක්‍රය (මෙය ග්‍රහ ගැලපීම සැසඳීමකි) ප්‍රධාන ක්‍රම තුන අනුගමනය මගින් විද්‍යාත්මක පොරොන්දම් පරීක්ෂාවක් තුළින් සාර්ථක විවාහ දිවියක්  අපේක්ෂා කළ හැකිය.

සාම්ප්‍රදායික විවාහ පොරොන්දමට  විද්‍යාත්මක ප්‍රවේශයක්...

ජ්‍යොතිෂවේදී,
 බණ්ඩාරගම සම්පත් එස් කල්පගේ
 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment