සාමාජිකයන්ට තර්ජන ආවත් පුංචි ඡන්දයේ වැඩ ඉදිරියට – මැ.කො. සභාපති

122

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අනුගමනය කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කරගෙන යන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

මැතිවරණය සඳහා කොමිසම වැඩකටයුතු ආරම්භ කිරීමෙන් පසු ඉල්ලීම් කළ මුදල් අවශ්‍යතාව අනුව ක්‍රමානුකූලව කොමිසමට ලැබෙමින් ඇති බවද පුංචිහේවා මහතා කීවේය.

කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉල්ලා අස්වී ඇති බවට ප්‍රචාරය වුවත් ඊයේ (29 දා) වනතෙක් ඇය ඉවත් වූ බවට කොමිසමට දැනුම්දී නැතැයි පැවසූ පුංචිහේවා මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පසුගිය 25 දා රැස්වීමෙන් අනතුරුව මේ සතිය ඇතුළත (බදාදා හෝ බ්‍රහස්පතින්දා) නැවත රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් එදිනට සාමාජිකයන් පස්දෙනාම පැමිණ මැතිවරණයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට අදහස් කරන බවත් කියා සිටියේය.

කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළ දුරකථන අංකයෙන් වට්ස්ඇප් හරහා පැමිණ තර්ජනය කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment