සාමාන්‍ය පෙළ විභාගය අවසන් දිනයේ නිවෙස බලා යමින් සිටි සිසුවියට පිහි ප්‍රහාරයක්

111

සැකකාර පෙම්වතා දැලේ

වෙලම්බොඩ මුස්ලිම් මහා විද්‍යාලයේ පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පෙරේදා (8) දිනයේ නිවෙස් බලා යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන තුවාල සිදුකර පලා ගොස් සිටි 18 හැවිරිදි සැකකරු ඊයේ (9) උදේ අත්අඩංගුවට ගත් බව වෙලම්බොඩ පොලිසිය පවසයි. දැන්විටිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී සැකකරු, සිසුවියට පිහියෙන් ඇන පලා ගොස් තිබුණි. තුවාල ලැබූ සිසුවිය සහ ඇගේ පෙම්වතා බව කියන සැකකාර තරුණයා අතර පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇතැයි පොලිසිය කියයි. පිහි ප්‍රහාරයෙන් දැරියගේ අතකට තුවාල සිදු වී ඇති අතර, ඇයට සැත්කමක් සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳ මාලිම්බොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉන්දික, පොලිස් සැරයන් අජන්ත (38878) යන නිලධාරීන් පිරිස වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment