සාමාන්‍යාධිකාරී සමග සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය ස්ථානාධිපතිවරු සටන දැඩි කරති

92

ඉන්ධන, තිරිඟු පිටි සහ සිමෙන්ති ප‍්‍රවාහන කටයුතුවලින් ද ඉවත්වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ඊයේ (27දා) පැවති සාකච්ඡුා අසාර්ථක වීම හේතුවෙන් දැනට කි‍්‍රයාත්මක කරනු ලබන ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම, පාර්සල් භාර නොගැනීමේ වෘත්තීය කි‍්‍රයා මාර්ගය ද අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව හෙතෙම කීය. සිය සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් සමග ඊයේ පැය කිහිපයක් සාකච්ඡුා පැවැත්වුවද සුපුරුදු ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සිය ඉල්ලීම්වලට කිසිඳු විසඳුමක් ලබා නොදීම නිසා එම සාකච්ඡුාව අසාර්ථක වූ බවද සුමේද සෝමරත්න මහතා පැවසීය.

ඒ අනුව දැනට කි‍්‍රයාත්මක කරන පාර්සල් ප‍්‍රවාහනය කිරීමට භාර නොගැනීම සහ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම අඛණ්ඩවම කර ගෙන යන අතර ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සිය සංගමයේ විධායක කමිටුව සමග සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කළේය.

විධායක සංගමය සමග සාකච්ඡුා කිරීමෙන් පසුව දැනට සිදු කරන වෘත්තීය කි‍්‍රයා මාර්ගය අඛණ්ඩවම පවත්වාගෙන යෑමට මෙන්ම ස්ථානාධිපතිවරුන්ට පැවරී ඇති දුම්රිය නියාමක සහ රියැදුරන්ගේ ගමන් මලූ ගෙන යෑමේ කාර්යයෙන් ද ඉවත් වීමට තීරණය කළ අතර, තම වෘත්තීය කි‍්‍රයා මාර්ගය ක‍්‍රමයෙන් දැඩි කරන බවත් ඔහු කියා සිටියේය.

මේ අතර අඛණ්ඩව සිව් වැනි දිනටත් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් මගීන්ට ඊයේ ද දුම්රියේ නොමිලේ ගමන් කිරීමට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන නියෝජිත ආයතන මගින් පුරුදු පරිදි ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරනු ලැබිණි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment