සාම සාධක රාජකාරිවලට හමුදාවේ පළමු කණ්ඩායම පිටත් වෙයි

201

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යුද හමුදාවේ රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3ක් යටතේ නිලධාරීන් 20 දෙනකු සහ සෙසු නිලයන් 223 දෙනකුගෙන් සමන්විත මාලි රාජ්‍යය බලා යන ශ්‍රී ලංකා යුද හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්වීමට නියමිතය. එහි 1 වැනි කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ. ඒ අනුව යුද හමුදාපතිවරයාගේ සුබපැතුම් මධ්‍යයේ නිලධාරීන් 10 දෙනකු සහ සෙසු නිලයන් 90 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියහ. රටේ උද්ගතව පවතින ආර්ථික උද්ධමනයට විසඳුම් සොයන මොහොතක තමන් දිනාදුන් දේශය වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කිරීමට කැපවී සිටින විරෝදාර රණවිරුවන්ගේ මෙම ප්‍රයත්නය වනුයේ ඒ වෙනුවෙන් යම් තරමකින් හෝ තම දායකත්වය ලබාදීම බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment