සාම සාධක හමුදාවට ගිය මෙරට සෙබලෙක් මරුට

273


එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටියදී ජීවිතක්ෂයට පත් මෙරට
හමුදා සෙබලාගේ දේහය හෙට මෙරටට රැගෙන එන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශය පදිංචි එම්. ජී. එල් දේශප්‍රිය නමැති 42 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙකි.මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරතවී සිටි මෙම හමුදා සෙබළා හදිසියේම රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වී ඇති බව යුද හමුදාව පැවසීය.
6 වැනි සේවා බළකායට අනියුක්තව රාජකාරි කරමින් සිටි ඔහු දෙදරු පියෙකි.
ලාන්ස් කෝප්‍රල්වරයා 2022 වසරේ සාම සාධක කටයුතු සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇති අතර 2023 අගෝස්තු මස නැවතත් මෙරටට පැමිණීමට නියමිතව තිබු බවද යුද හමුදාව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment