සායනික ඔක්සිජන් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය

145

මෙරට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශකල අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කළේය.

මේ වනවිට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය ඉහළයෑම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment