සායන බෙහෙත් ගෙන්වා ගන්න දුරකථන අංක 02ක්

379

කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ රෝහල්වලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකිව සිටින බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට සිය නිවෙස්වලටම බෙහෙත් ගෙන්වා ගැනීම සඳහා ක්‍ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මෙතෙක් රෝහල් සායනවලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකි වූ දියවැඩියාව, හෘද රෝග අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට සිංහල භාෂාවෙන් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා 072 -0720720 හා දෙමළ භාෂාවෙන් දැනුම් දීම සඳහා 072-0606060 යන ක්‍ෂණික දුරකථන අංකයන් හඳුන්වා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment