සාරංගි ජිනීවාහිදී රන් දිනයි

516

ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවැති ්එයකැඑසිපැ ාැ ටැබැඩැ ක්‍රීඩා උළෙලේ දී දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා සාරංගි ද සිල්වා සමත් වූවාය. ඒ එම ඉසව්වේදී මීටර් 6.33ක දුරක් වාර්තා කරමිනි.

 තියුණු මුහුණුවරක් ගත් දුර පැනීමේ ඉසව්වේදී මීටර් 6.28ක දුරක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට චිලි හී මුනාස් රෝසියා සමත් වූවාය.

 ලෝක මලල ක්‍රීඩා සංගමයේ මහද්වීපික තරගාවලියක් ලෙස පැවැත්වෙන ්එයකැඑසිපැ ාැ ටැබැඩැ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුර සාරංගි ද සිලවාට අමතරව හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහ, මීටර් 400 ඉසව්වෙන් කාලිංග කුමාර සහ මීටර් 800 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද තරග බිමට පිවිසියේය. කෙසේ වෙතත් එහිදී සාරංගිට හැර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකායන්ට දක්ෂතා අතරට පිවිසීමට නොහැකිවිය.

 හෙල්ල විසිකිරීමේ ශූර සුමේද රණසිංහ එහිදී එම ඉසව්වෙන් සිව්වැනි ස්ථානයට පත් වූ අතර මීටර් 400 ඉසව්වේ කාලිංග කුමාර එම ඉසව්වේ 6 වැනි ස්ථානයට පත්විය. මීටර් 800 නියෝජනය කළ ගයන්තිකා අබේරත්නට එම ඉසව්වේ 9 වැනි ස්ථානය හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment