සාරංගි දුර පැනීමේ ජාතික වාර්තාව නැවත අලූත් කරයි

501

ආසියානු ක‍්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් පැවති පළමු තේරීම් තරගාවලිය කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී

 පසුගිය 12 වැනිදා නිමාවට පත්විය. එ් අනුව අවසන් දිනයේදී පැවැති ඉසව් අතරින් වඩාත්ම අවධානය දිනාගත් ක‍්‍රීඩිකාව බවට පත් වූ සාරංගි ද සිල්වා තමන්ගේම දුර පැනීම ජාතික වාර්තාව දෙවරක් බිඳ හෙළමින් කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට සමත්වූවාය.

 පළමු උත්සහයේදී මීටර් 6.53ක දස්කමක් දක්වමින් මීට පෙර ඇය විසින්ම මීටර් 6.44ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව බිඳ හෙළීමට සාරංගි සමත්වූවාය. අනතුරුව නැවතත් මීටර් 6.65ක දුරක් වාර්තා කරමින් එම වාර්තාවම අලූත් කිරීමට සාරංගි ද සිල්වා සමත්වූවාය.

 එම ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 6.18ක දුරක් වාර්තා කළ අංජානි පුල්වංශ හට හිමි වූ අතර මීටර් 6.02ක දුරක් වාර්තා කළ රිද්මා නිශාදි තෙවැනි තැන දිනා ගැනීමට සමත්වූවාය.

 මේ අතර තරගාවලියේ පිරිමි කනිෂ්ඨ දුර පැනීම ඉසව්වේ මීටර් 15.68ක දුරක් වාර්තා කළ පසිඳු මල්ෂාන් ජයගත් අතර පිරිමි මීටර් 400 කඩුලූ පැනීම කනිෂ්ඨ ඉසව්ව තත්පර 52.21ක දුරක් වාර්තා කළ ධනුක දර්ශන සහ පිරිමි මීටර් 110 කඩුලූ පැනීම කනිෂ්ඨ ඉසව්ව තත්පර 14.02ක කාලයකින් අවසන් කළ කවීෂ බණ්ඩාර ජය ගැනීමට සමත්විය.

 පිරිමි මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 31:16.30ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට ධනුෂ්ක සඳරුවන් සමත් වූ අතර කාන්තා මීටර් 1500 ඉසව්ව ගයන්තිකා අබේරත්න ජයගත් අතර ඇය වාර්තා කළ කාලය මිනිත්තු 4:11.45කි.

 පිරිමි තුන් පිම්ම ඉසව්වේ ජය මීටර් 16.17ක දස්කමක් දැක්වූ එල්. සී. කුමාරසිරි හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment