සාර්ථකත්වයේ රහස…

157

වරක් ඔබ ඉගෙනීම නැවතුවහොත් එය ඔබේ මියැදීමේ ආරම්භයයි. මෙය ඇල්බට් අයින්ස්ටයින් නමැති අද්විතීය විද්‍යාඥයාගේ ප්‍රකාශනයකි.

අප ඉපදුනේ යම් දිනක ද එදින සිට අනුකරණය කරමින් අප ඉගෙනගනියි. ඉන් අනතුරුව මියැදෙන තුරාවට දවසින් දවස ගතවන තප්පරයක් තප්පරයක් පාසාම ඉගෙනගනියි. පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැරුණු කොට ජීවිතය නමැති මහා සයුර අත්දැකීම් නමැති නෞකාවෙන් යාත්‍රා කරයි.

මිනිසකුගේ සංවර්ධනය උදෙසා නිරෝගිකම මෙන්ම දැනුම ද අත්‍යවශ්‍ය කරුණකි. ශ්‍රි ලංකාව තුළ සෞඛ්‍ය පමණක් නොව අධ්‍යාපනය ද නොමිලේ ලබාදෙන සේවාවකි. එසේ ලබාදෙන එකම රට ශ්‍රි ලංකාව වීම ගැන ශ්‍රි ලාංකිකයන් වන අපට ඇත්තේ සාඩම්බරයකි. නමුදු, බලයට කෑදර අදාළ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් කරණකොටගෙන මෙම සේවාවන් ක්‍රමානුකූලව නඩත්තු නොවීම කනගාටුවට කරුණකි.

අද වනවිට මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්වීමට තාක්‍ෂණය හේතු වී ඇත. අධ්‍යාපනය වෙනස් විය යුත්තේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයන්ගෙන්ය.

මෙම සුහුරු තාක්‍ෂණය ද උපයෝගි කොටගෙන නිසි අධ්‍යාපනයක් පවත්වාගෙන යෑම ගුරුවරුන්ගේ මෙන්ම බලධාරීන්ගේ ද යුතුකමකි.

වත්මන් අධ්‍යාපනයේ පවතින තවත් ගැටලුවක් නම් උපාධිධාරීන්ට රැකියා නොමැතිවීමයි. ඊට හේතුව රැකියා ක්‍ෂේත්‍රයට අවශ්‍ය උපාධියක් නොතිබීමයි. උසස් අධ්‍යාපනය සඳහා රැකියාභිමුඛ උපාධියක් ලබාගැනීමට ශිෂ්‍යයන්ට මාර්ගෝපදේශය ලබාදීම මෙන්ම ශිෂ්‍යයන් ද තමා හදාරන උපාධිය පිළිබඳව ද දැනුවත්වීමක් තිබිය යුතුයි.

“සාර්ථකත්වයේ රහස ධෛර්යය මිස අන් කිසිවක් නොවේ.”

මෙය ඔස්ටේ්‍රලියාවේ ධනවතුන් අතර ප්‍රමුඛයකු වන නික්ගේ ප්‍රකාශනයකි. ධෛර්යයේ ප්‍රතිමූර්තිය බඳු වූ පුද්ගලයකු ලෙස දෙඅත් දෙපා සියල්ල අහිමි නික් හඳුන්වන්න පුළුවන්. නික් වාණිජවේදී උපාධිධාරියකු වන අතර කෙටි චිත්‍රපට නිෂ්පාදකයෙක් හා ප්‍රතිභාපූර්ණ රචකයෙකි. තවද දෙඅත්, දෙපා සියල්ල අහිමි ඔහු ඒ සියල්ලම සම්පූර්ණ මිනිසුන්ට දක්ෂ උපදේශකවරයෙකි. මට නම් සිතෙනුයේ ඔහු අපි තරම් වාසනාවන්ත නැහැ, හැබැයි අපි ඔහු තරම් වාසනාවන්තත් නැහැ.

වසරක් ආරම්භයේදී ඔබ සිටිනුයේ යම් තැනක ද වසර අවසානයේ ඔබ සිටිනුයේ එතැනම නම් ඔබ අසාර්ථක පුද්ගලයෙකි.

මෙය වී අයි ලෙනින්ගේ ප්‍රකාශනයකි.

මියැදෙන තුරාවට වයස් සීමාවක් නොමැතිව අලුත් දේවල් අපගේ ජීවිතයට නොනවත්වා එකතු කර ගනියි. විටෙක එය අයාසයෙන් මෙන්ම විටෙක නිරායාසයෙන් ද සිදුවේ. යම් දිනක අප පුහු මිනිසුන් බවට පත්නොවී බොහෝ ඇසූපිරූ තැනැත්තන් බවට පත්වී සාර්ථක මිනිසුන් ලෙස යම් දිනක මියැදෙමු.

● කවෝද්‍යා අල්විස්

advertistmentadvertistment
advertistmentadvertistment