සාරාගේ බ්‍රේක් එක ඉවරයි

164

සැමියාට ලංකාවට එන්න විදිහක් නැහැ

ඇය නමින් සාරා අබේවර්ධන. පසුගිය කාලය පුරාවටම හැමෝම කතාබහ කළේ ඇගේ නර්තන හැකියාව ගැනය. සාරාගේ ප්‍රෙග්නන්සි ඩාන්ස් එකත් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ලොකු කැලඹීමක් ඇති කළා. දැන් ඇය මවක්. ආපහු සාරා සුපුරුදු විදිහට වැඩ. ඉතිං ඒ නිසා ම අපි සාරාට මේ ඉඩකඩ වෙන්කරන්න හිතුවා.

සාරා මොකද වෙන්නේ?

බාබා හම්බවෙලා දැන් මාස දෙකක් වෙනවා. බබාගේ ඩිලිවරි එකෙන් පස්සේ සති දෙකක් ගිහිල්ලා මම හරියටම වැඩ පටන්ගත්තා. වෙනසක් නැහැ. මම හරියටම විවේක ගත්තේ මාසයක විතර කාලයක් පමණයි.

සාරාගේ බ්‍රේක් එක ඉවරයි

සාරා ආපහු සුපුරුදු විදිහට වැඩ ?

ඔව්. මම සුපුරුදු විදිහට වැඩ කටයුතු පටන්ගත්තා.

මවකගේ අත්දැකීම මොනවගේ ද?

මවකගේ අත්දැකීම ලබන හැම වෙලාවක දීම මට මතක් වෙන්නේ මගේ අම්මාටත් මාව හම්බවුණාට පස්සෙ මේ විදිහට දැනෙන්න ඇති කියලා. මව් පදවිය කියන්නේ මේ ලෝකයේ තිබෙන උතුම්ම පදවිය. හරිම ලස්සනයි. මම ඒකේ කොටස්කාරියක් වෙච්ච එක ගැන හරිම ආඩම්බරයි.

ආපහු සුපුරුදු විදිහට නර්තන වැඩකටයුතු පටන්ගත්තා කියන්නේ ?

නර්තන කටයුතු මම ආපහු සුපුරුදු විදිහට පටන් ගත්තෙ බබාට සති දෙකක් ගියාට පසුවයි. මගේ කළුබෝවිල පිහිටි නර්තන පන්තියට පොඩි විවේකයක් දීලා තිබුණා. මම නැතිව ඒවා පවත්වාගෙන යන්න බෑ. මගේ ඩිලිවරි එකෙන් පස්සේ සති තුනක් ඇතුළත මගේ වැඩ පටන් ගත්තා. මොකද මගේ ක්ලාස් එකේ ළමයින්ට මම ආපහු උගන්වන්න යන්න ඕනෑ හින්දා.

සාරාගේ බ්‍රේක් එක ඉවරයි

සාරාගේ බ්‍රේක් එක ඉවරයි ?

මගේ බ්‍රේක් එක ඇත්තට ම ඉවරයි. මට මාසයක බ්‍රේක් එකක් තිබුණේ. ඒකත් හරි ඉක්මනට ඉවර වුණා.

මව් පදවියෙන් පසුව පෙනුම එහෙමත් වෙනස් කළා නේද?

පෙනුම ඉතිං එහෙම වෙනසක් වුණේ නැහැ. මගේ ඉතිං මේ පෙනුමම තමයි. මම හරියට වර්ක්අවුට් කරපු කෙනෙක්. මගේ ගර්භණී කාලය තුළ හරියට වර්ක්අවුට් පටන් ගත්තේ නැහැ. මාස තුනක් විතර ගියාට පස්සේ මට සුපුරුදු ව්‍යායාම කරලා නැවත සුපුරුදු තත්ත්වයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දුවෙක් ද? පුතෙක් ද?

දුවෙක්.

ඇගේ බර අඩුකරගන්න මහන්සි වෙන්න වුණේ නැතිද?

නැහැ. මට එහෙම කරගන්න වුවමනා වුණේ නැහැ. මොකද මට මගේ ප්‍රෙග්නන්සි එක හරි ලෙහෙසි වුණා. මොකද මම ප්‍රෙග්නන්ට් වුණා කියලා මගේ ශරීරයේ ලොකු වෙනසක් සිද්ධවුණේ නැහැ. මගේ පෙර වාසනාවකටද කොහේද ලොකු වෙනසක් මට තිබුණෙ නැහැ. ගොඩක් අම්මලාට මුහුණ දෙන්න වන කරදර මට තිබුණේ නැහැ. ප්‍රෙග්නන්සි එකෙන් පස්සෙත් ලොකු බර වැඩිවීමක් වුණේ නැහැ. මාස දෙකක් විතර කාලයක් ඇතුළත මොකුත් ව්‍යායාම නොකර පරණ බරට ම ඇවිත් තියෙනවා.

අම්මා කෙනෙක් වුණා කියලා පෙනුමේ වෙනසක් ඇතිවුණේ නැහැ ?

ඇත්තට ම මගේ පෙර වාසනාවකට අම්මා කෙනෙක් වුණා කියලා මගේ පෙනුමේ වෙනසක් වුණේ නැහැ කියලා මගේ වටේ ඉන්න හැමෝම වගේ කිව්වා. මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා මට දැනුණ එක විතරයි වුණේ.

සැමියාගෙන් ලැබෙන සහයෝගය ?

ෆැමිලි එක නැතිනම් මම අද මෙතැන නැහැ. මගේ වැඩකටයුතු කරගෙන යන්නත් බැහැ. මව් පදවිය ලබන වෙලාවේ මහත්තයා දුර රටක හිටියේ. එයා මා ළඟ හිටියේ නෑ. මගේ සහ සැමියාගේ දෙමව්පියන් වගේ පවුලේ ඥාතීන් තමයි ළඟින් හිටියේ. ඉතිං සැමියා නැති අඩුව ඒගොල්ලෝ මට දැනෙන්න දුන්නේ නැහැ.

සැමියා ළඟකදී ලංකාවට ආවේ නැතිද?

සැමියාට ලංකාවට එන්න විදිහක් නැහැ. මොකද අපි දෙන්නම ලොකු අරමුණු වෙනුවෙන් වැඩකරන දෙන්නෙක්. අන්තිම මාස ටිකේ අපි තීරණය කළා බබා හම්බවෙන කොට එයාට මගේ ළඟ ඉන්න වෙන්නේ නැහැ කියලා. මොකද අපි ආවොත් ලොකු දේවල්වලට හිරවෙන හින්දා. ඒ නිසා එයාට එන්න වුණේ නැහැ. ඒ අරමුණු හිතේ තියාගෙන සුපුරුදු විදිහට වැඩටික කරගෙන යනවා. ඉස්සරහට සැමියා ලංකාවට එන එකක් නැහැ. මම එහෙට යයි.

සාරා ලංකාව දාලා යන්න ද හදන්නේ?

නැහැ. මම යන්නේ නැහැ. මම යනවා නම් යන්නේ දරුවා ගැන හිතලයි. එයාගේ අනාගතය ගැනත් හිතන්න ඕනෑ. මම ගියොත් අනිවාර්යයෙන්ම මාස දෙක තුනක් ඇතුළත ආපහු ලංකාවට එනවා.

සාරා ස්ටුඩියෝ එකේ අලුත් වැඩ මොනවා ද?

අලුත් වැඩකටයුතු වෙනදා වගේම කරගෙන යනවා. මම නැහැ කියලා කිසිම දෙයක් නැවතිලා තිබුණේ නැහැ. වෙනදාට වැඩිය හොඳට කරගෙන යනවා. සැලෝන් එකේ වැඩකටයුතුත් ඉවරයි. ළඟදීම දවසක එකෙ වැඩකටයුතු පටන්ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

රංගනයට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා ද?

අපොයි නැහැ. රඟපාන්න නම් කිසිම අදහසක් නැහැ. මම නර්තනයට ගොඩක් ළැදි කෙනෙක්. මම හිතන්නේ නැහැ මට රඟපාන්න පුළුවන් කියලා. රඟපාන්න අවස්ථාවක් ආවොත් මට කියන්න තියෙන්නෙ මම ඒ පැත්තට තවම හිත යොමුකරලා නැහැ කියලා තමයි.

ඇත්තටම එවැනි ආරාධනා ඇවිත් නැති ද?

ඇත්තටම ගොඩක් කල් ඉඳලා ඇවිත් තිබෙනවා. ඉතිං ඒ හැම එකටම බැහැ කිය කියා ඉන්නවා. මොකද මම රංගනයට එහෙම සූදානමක් තිබිලා නැහැ.

ගැබිනි මවකගේ කාලයෙත් නර්තනය අතහැරියේ නැහැ?

ගැබිනි කාලයේ දී නර්තනය අතහැරිය නැති එක ගැන මම ඇත්තට ම සතුටු වෙනවා. මම නර්තනය අතහැරියා නම් මෙච්චර සෞඛ්‍ය සම්පන්නව ඉන්නෙ නැහැනේ. මම මුලින් කිව්වා වගේ මගේ පෙනුමේ කිසිම වෙනසක් ඇතිවුණේ නැහැ.

නර්තන අංශයෙන් ප්‍රසංගවලට ආරාධනාවක් ලැබුණොත් මොකද කරන්නේ?

ප්‍රසංග වේදිකාවට ආරාධනාවක් ලැබුණොත් භාරගන්න සූදානමක් තිබෙනවා. හැබැයි ඊට කලින් මේ දැන් තිබෙන වැඩකටයුතු අවසන් කළාට පසුවයි එතැනට හිතයොමු කරන්න ඕනෑ.

ගෙදරට ආපු අලුත් අමුත්තාව පිළිගත්තේ කොහොමද?

එයාව ඉතිං මටත් වැඩිය සතුටින් හැමෝම පිළිගත්තා. අදටත් ගෙදර අයගේ අවධානය යොමුවෙන්නේ එයාට තමයි. මම හිතනවා එයා හරි වාසනාවන්තයි කියලා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment