සාරි ඔංචිල්ලාවට බෙල්ල සිරවී මාලිබොඩ පුංචි සමනලියගේ දිවි ගමන නවතී

166

දැරණියගල,මාලිබොඩ ප‍්‍රදේශයේ අවුරුදු 11 ක දැරියක් තම නිවසේ සාරියකින් බැ`ද තිබූ ඔංචිල්ලාවක බෙල්ල හිරවීමෙන් පසුව දැරණියගල ප‍්‍රාදේශීය රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව දැරණියගල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කැරොනිටා දිල්මිණි නමැති දැරියකි. 6 වන දින සවස මියගිය දැරිය අවුරුදු 9 හා 7 වයසේ පසුවන තම සහෝදරයන් සමග නිවසේ නිදන කාමරයේ සාරියකින් බැ`ද තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිට තිබේ. එම අවස්ථාවේ දරුවන්ගේ පියා අසල වූ මාලිබොඩ වත්තේ මුර සේවය ස`දහා ගොස් සිට ඇත. මව කුස්සියේ ඉවුම් පිහුම් කටයුතු වල නිරත වී ඇති අතර පසුව මව දරුවන්ගේ කාමරය වෙත ගොස් ඇති අතර එවිට එම කාමරයේ දොර වසා තිබී ඇත. ජනේලයෙන් මව කාමරයට ඇතුලූ‍ වී ඇති අතර එහි දී දැරිය සාරි ඔංචිල්ලාවේ හිර වී සිට ඇත. පසුව අසල්වාසීන්ගේ සහාය ඇතිව දැරණියගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී දැරිය මිය ගොස් තිබේ.

දැරියගේ දේහය මේ වනවිට දැරණියගල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි. දැරණියගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වසන්ත සමරවර්ධන බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment