සාහසිකයා හිටපු ජපන් අගමැතිට ළංවන අවස්ථාවේ පොලිසිය එය වැළැක්වූයේ නැහැ

609

යමගාමී ටෙට්සානා නමැති සාහසිකයා හිටපු ජපන් අගමැති ෂින්සෝ අබේ වෙත සමීපවන අවස්ථාවේ ජපන් පොලිසිය බලාසිටි බව ජපන් මාධ්‍ය හෙළිකර ඇත. ඔහු හිටපු ජපන් අගමැතිවරයා නාරා නගරයට පැමිණෙන බව දැනගත්තේ වෙබ් අඩවියකින් යැයි පවසා තිබේ.

සාහසිකයා හිටපු ජපන් අගමැතිට ළංවන අවස්ථාවේ පොලිසිය එය වැළැක්වූයේ නැහැ

මොහු කරේ බෑගයක් දමාගෙන අබේ වෙත ළංවන අවස්ථාවේ පොලිසිය ඔහුව වැළැක්වූයේ නැති බව සී.සී.ටී.වී. දර්ශනවලින් තහවුරුවී තිබේ. මොහුගේ නිවසේ තිබී අවි කිහිපයක් ද හමුවී ඇත.

 ෂින්සෝ අබේට ආරක්ෂාව සැලසීමේදී පොලිසිය දුර්වල ලෙස ක්‍රියාකිරීම ගැන ජපන් මාධ්‍ය චෝදනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment