සාෆ්ටර්ගේ ගෙදර ලැප්ටොප් රස පරීක්‍ෂකට මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්

152

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් සාෆ්ටර් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිත කළ ලැප්ටොප් පරිගණක උපකරණ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04දා) නියෝග කළේය.

එකී කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා එම පරිගණක සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය බව මෝසමක් මගින් නඩුව කැඳවමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment