සාෆ් 17 න් පහළ ශූරතාව නැවතත් ඉන්දියාවට

111

වයස අවුරුදු 17 න් පහළ සාෆ් පාපන්දු ශූරතාව ජයග්‍රහණය කරන්නට ඉන්දීය කණ්ඩායම (14 වෙනිදා) සමත් විය.

අවසන් මහා තරගයේ දී නේපාලය ගෝල් 4-0ක් ලෙස පරාජය කරමින් ඉන්දියාව දෙවන වරටත් අඛණ්ඩව එම ශූරතාව ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර 2019 වසරේ පැවැති අවසන් මහා තරගයේ දී ද ඔවුහු නේපාලය ගෝල 7-0ක් ලෙස පරාජය කර ශූරතාවය ජයග්‍රහණය කළහ.

බංග්ලාදේශය ගෝල් 2-1ක් ලෙස පරාජය කරමින් ඉන්දියාවද ශ්‍රී ලංකාව ගෝල් 6-0ක් ලෙස පරාජය කරමින් නේපාලය ද අවසන් මහා තරගය සඳහා අවතීර්ණ විය.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ නායක වන්ලපේකා ගුයිට් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා අතින් ශූරතාවය ලබා ගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment