සාෆි රට යෑමට කළ ඉල්ලීම අස්කර ගනී

328

වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන් විසින් විදේශගත වීමට මීට පෙර අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයපේ‍්‍රම බී. තෙන්නකෝන් මහතා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය ඊයේ (23 දා) ආරම්භ කළ අවස්ථාවේ මහෙස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතාගෙන් මෙම ඉල්ලීම කළේය.

මක්කම වන්දනාවේ යෑම සඳහා සති දෙකක කාලයක් තම ගුවන් ගමන් තහනම ඉවත් කරන ලෙස සාෆි වෛද්‍යවරයා මීට ඉහතදී කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. සාෆි වෛද්‍යවරයාට රටින් පිටවීම තහනම් කරමින් කර තිබූ නියෝගය ඉවත් කර නොගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නැවත නඩු විභාගය ජුනි මස 24 දිනට කැඳවන බව කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නීතිඥ තිලක් බණ්ඩාර, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් විජේරත්න සහ කාන්තා පොලිස් පරීක්‍ෂක නිර්මලා යන නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර අගතියට පත් මව්වරුන් වෙනුවෙන් නීතිඥ චානක අබේවික‍්‍රම සහ නීතිඥ නිලූෂී උයන්වත්ත මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment