සාෆීට වැඩ තහනම් කාලයේ වැටුප් ගෙවන්න පියවර ගනී – නීතිපති උසාවියට දන්වයි

247

කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටියදී වැඩ තහනමට ලක්කළ වෛද්‍ය සෙයිගු සහබ්දීන් මොහොම්මදු සාෆිට වැඩ තහනම් කර සිටි කාලය සඳහා මූලික වැටුප ජීවන වියදම් හා අනෙකුත් දීමනා ගෙවීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිඛිතව දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ඊයේ (23ද) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමන්ට වැඩ තහනම් කර සිටි කාලය සඳහා වැටුප් හා සෙසු දීමනා ගෙවීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා වෛද්‍ය මොහොම්මදු සාෆි මහතා විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඒ බව දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment