සා/පෙළ අයැදුම්පත් ඔන් ලයින් ක්‍රමයට

89

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගයට අයැදුම්පත් භාරගැනීම පෙබරවාරි 28 දා දක්වා මාර්ගගත ක්‍රමයට :(Online) සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

ඒ අනුව සියලුම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව අයැදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය.

පෙබරවාරි 28 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 න් පසුව මෙම විභාගය සඳහා අයැදුම් කළ නොහැක. එදින රාත්‍රි 12.00 ට පසු මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලැබේ. කිසිදු හේතුවක් මත හෝ අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටී.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Mobile Application) වන Exams Srilanka වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරැදි අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

අයැදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්‍ෂිතව තබාගත යුතුය. අයැදුම්කරුවන් ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කටයුතු පරිශීලක නාම (user name) හා මුරපද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබාදී ඇත.

මේ සම්බන්ධත්‍යන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112785922/0112784208/0112784537 අංකයට හෝ 0112784422 ෆැක්ස් අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment