සා.පෙළ – උ.පෙළ ගුරුවරුන් හැර අනෙක් ගුරු මාරු සාමාන්‍ය පරිදි

142

අධ්‍යාපන ඇමැති සුසිල් මැති සබයේදී කියයි

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගැන්වීම් කරන ගුරුවරුන්ගේ මාරුවීම් හැර සෙසු ස්ථාන මාරු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගුරුමාරු මණ්ඩල විසුරුවා හරිමින් ස්ථාන මාරු අත්හිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

2020, 2021 සහ 2022 වසර තුනේ ස්ථාන මාරු එකවර ගත්තා ගුරුමාරු මණ්ඩලයට අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ වෘත්තීය සමිති නියෝජිතවරුන් අයත් වෙනවා. මාරුවීම් 8,893ක් අනුමත කර තිබෙනවා. මෙයින් ප්‍රාථමික අංශයේ ගුරුවරුන් 681කගේ මාරුවීම් අනුමත කර තියෙනවා. එයින් 388 දෙනකුගේ ලිපි තැපැල් කර අවසන්. ඉතුරු ලිපි තැපැල් කරනවා. එකම පාසලේ දස වසරකට අධික කාලයක් සිටි ගුරුවරුන්ගේ ස්ථාන මාරු දළ වශයෙන් 1,000කට ආසන්නයි. ඒ ගුරුවරුන් සිටින පාසල්වලින් අපිට දැනුම් දුන්නා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට උගන්වන ගුරුවරුන් මාරු කිරීමෙන් දරුවන්ට අගතියක් වෙනවා කියලා. ඒ නිසා අභියාචනා ඉදිරිපත් කරන සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ ගුරුවරුන් හැර අනෙක් ගුරුවරුන්ගේ මාරුවීම් සාමාන්‍ය පරිදි එලෙසම ක්‍රියාත්මක කිරීමට දැනට තීන්දු කර තිබෙනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment