සා. පෙළ – උ. පෙළ – ශිෂ්‍යත්ව විභාග නියම කරගත් දිනවලම – විභාග කොමසාරිස් ජනරාල්

292

මේ වසරේ දින නියම කර තිබෙන සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය එම දිනවලදීම පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ සාමාන්‍ය පෙළ (2021) විභාගය කොවිඩ් හේතුවෙන් කල්ගිය අතර එම විභාගය මැයි 23 වැනිදා ආරම්භ කර ජුනි 07 වැනිදා දක්වාත්, මේ වසරේ අගෝස්තුවේ පැවැත්විය යුතු උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 17 වැනිදා දක්වාත්, මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16 වැනිදාත් පැවැත්වීමට කටයුතු කරන බව ධර්මසේන මහතා කීවේය.

විභාග පැවැත්වීම සඳහා මුද්‍රණ කඩදාසිවල ගැටලුවක් නොමැති බවත්, විභාග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විභාගවලට අදාළ වැඩකටයුතු මේ දිනවල සිදුකරමින් සිටින බවත් කී විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ වන විට කල්දමා ඇති පරිපාලන සේවා විභාගය ඇතුළු විභාග කිහිපයක් සාමාන්‍ය පෙළ විභාගය පවත්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත කාලය අතර පරාසය තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment