සා.පෙළ ලියන සිසුන්ට ඔවදනක් පිළිතුරු ලියපු ප්‍රශ්න පත්‍ර ගැන හිතන්න එපා -ඊළඟ දිනයට සූදානම් වෙන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ එනෝකා වික්‍රමසිංහ

68

පිළිතුරු ලියා අවසන් කළ ප්‍රශ්නපත්‍ර පිළිබඳ සාකච්ඡා කරමින් පසුතැවිලි නොවී ඊළඟ දිනයේ පිළිතුරු ලිවීමට ඇති විෂයට සූදානම් වන්නැයි මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට ප්‍රජා වෛද්‍ය විශේෂඥ එනෝකා වික්‍රමසිංහ මහත්මිය උපදෙස් දෙයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන විශේෂඥ වෛද්‍යවරිය මෙසේද කියා සිටී.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙනවා. එම විභාග කාලසීමාවේදී පසුගිය දිනවල තමන් මුහුණ දුන් ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් සිතමින් කනගාටු වීමේ පුරුද්දක් සමහර සිසු සිසුවියන් තුළ දක්නට ලැබේ. එයින් පැනනගින අනවශ්‍ය පීඩනය ඉදිරි දිනවල ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු ලිවීමේදීද අවාසිසහගත ලෙස බලපායි.

යම් දරුවෙකු විභාගයෙන් එක් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී නිවසට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විස්තර විමසීම දෙමාපියන් හෝ භාරකරුවන්ද නොකළ යුතුයි. එසේම විභාග ශාලාවෙන් පිටතට පැමිණි පසු තමන් ලියූ පිළිතුරු මිතුරු මිතුරියන් සමග සාකච්ඡා කිරීමෙන් අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. එය ඊළඟ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී අවාසි සහගත ලෙස බලපාන බවද වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය පෙන්වා දෙයි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment