සා’ පෙළ විභාගයේදී සිසුවියට අතවර කළැයි ගුරුවරයා රිමාන්ඩ්

1091

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් තිබෙන අතරතුර විභාගයට පිළිතුරු සපයමින් සිටි සිසුවියකට ලිංගික අතවරයක් සිදු කිරීමේ චෝදනාවට සැකපිට හිදෝගම පොලිසිය අත්අඩංගුවට ගත් විභාග නිරීක්ෂක ගුරුවරයකු ලබන මස 2 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ කලුවිල සේන මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානයේ විභාග රාජකාරිවල නිරතව සිටි ගුරුවරයෙකි.සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් හිදෝගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ පසුගිය 25 දා පැමිණිලිකාර සිසුවිය නාච්චාදූව කලුවිල සේන මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානයේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අතරතුර මෙම සැකකරුද එම විභාග මධ්‍යස්ථානයේම විභාග රාජකාරි කර ඇති බවය’ එදින පැවති විෂයයට පිළිතුරු සැපයීම සඳහා උපකාර කරන මුවාවෙන් සැකකරු සිසුවියට ලිංගික අතවරයක් සිදුකර ඇති බවත්” සිද්ධිය සමිබන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය තවදුරටත් අධිකරණයට දැන්වීය’ සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් නැති නිසා සැකකාර ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් ඉල්ලා සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම මහතාගේ උපදෙස් මත හිදෝගම පොලිසියේ ස්ථානාධිපති ප්‍ර’පො’ප’ කොස්තා මහතාගේ මෙහෙයවීම මත එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පෙනී සිටියහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment