සා. පෙළ විභාගය නිමවන තෙක් විරෝධතා එපා!

108

විභාග කොමසාරිස් ජනරාල් ඉල්ලයි

සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වන තෙක් සිසුන් අපහසුතාවට පත්වන කිසිදු විරෝධතාවක නිරත නොවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඊයේ (05 දා) ඉල්ලා සිටියේය.

මෙම සිසුන් ඉකුත් වසරේ (2022) දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර මාස 06ක් ප්‍රමාද වී විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිසුන්

විභාගයට මුහුණදෙමින් සිටින අවස්ථාවේ ඔවුන් අපහසුතාවට පත්වන කිසිදු ක්‍රියාවක නොයෙදෙන ලෙස සියලු පාර්ශ්වවලින් කාරුණිකව ඉල්ලා සිටින බව ද ඒ මහතා පවසයි.

ලබන 8 දා (අනිද්දා) විභාගය අවසන් වීමට නියමිත අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ සතියේ විරෝධතා දක්වන බවට දැනුම් දී ඇතැයි දැනගන්නට ලැබුණු බවත් පවසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය අවසන් වන තෙක් එවැනි කටයුතුවල නොයෙදෙන ලෙස ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment