සා.පෙළ විභාගය වෙනසක් නෑ: කලින් නියම කරගත් දිනවලමයි – විභාග කොමසාරිස් ජනරාල්

102

දින නියම කර ගෙන තිබෙන ආකාරයට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2020/21) පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ට ඊයේ (11දා) පැවසීය.

ඒ අනුව විභාගය මැයි 23 වැනිදා ආරම්භ වී ජුනි 01දා දක්වා පැවැත්වේ. විභාගය පැවැත්වීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරමින් පවතින බවත් විභාගය සඳහා අවශ්‍ය පිළිතුරු පත්, ලිවීමේ කඩදාසි ඇතුළු ලිපිද්‍රව්‍ය මේ වන විට පාසල් වෙත රැගෙන යමින් පවතින බවත් ඒ මහතා පැවසීය.

විභාගය පැවැත්වීමට පළාත් සහ කලාප අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා සිදු කර උපදෙස් දුන් බවත් ඊයේ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවත් ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා- ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment