සා. පෙළ හා උ. පෙළ සිසුන්ට මුලින්ම කොවිඩ් එන්නත දෙනවා – අධ්‍යාපන ලේකම්

447

කොවිඞ් මර්දන එන්නත මුලින්ම අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට ලබාදීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘‘දිවයින’’ට ඊයේ (29 වැනිදා) පැවැසීය.

පාසල් දරුවන්ට කොවිඞ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සම`ග සාකච්ඡුා කර ඇතැයි ද හෙතෙම කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත එම එන්නත පාසල් දරුවන්ට ලබාදිය හැකි වනු ඇති බවත් එහෙත් මෙම එන්නත පාසල් දරුවන්ට ලබා දෙන දිනයක් ස්ථීර වශයෙන් තවමත් කිවනොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ ද කීය.

ලංකාවේ ලක්‍ෂ 45 ක් විතර පාසල් යන දරුවෝ ඉන්නවා. මේ දරුවන්ව අපි ආරක්‍ෂා කරගන්න ඕනෑ. ඒ සඳහා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට මුලින් එන්නත ලබාදීමට අදහස් කරගෙන සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සම`ග එක්ව මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා. නිවෙස්වල ඉන්න දරුවන්ව ආරක්‍ෂා කරගැනීම දෙමාපියන්ගේ වගකීමක්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment